අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් වැසි තත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරේ.
අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යයි. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි (මි.මී 75ට වැඩි) ද ඇති විය හැක.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වීමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd