දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයින පුරා ම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල මිලි මිටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී තාවකාලිකව තද සුළං හටගනී.

පුත්තලම සිට ගාල්ල  හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ති‍බේ. සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අනෙක් මුහුදු ප්‍රදේශ වල ද තැන් කිහිපයක  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමටද  ඉඩ ඇත.

සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති විට මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 80 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇති නිසා එවිට එම  මුහුදු පුදේශ ඉතා රළු සහ අනතුරුදායක විය හැකියි. ධීවර කටයුතුවල යෙදීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 18 වෙනි සිකුරාදා, 12:26