දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යාමට ඉඩ පවතී. පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වේ.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 17 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd