IMG-LOGO

‘අද කාන්තාව රාමු කරලා තියෙන්නේ’

2016-06-24-ent-47

චරිතාංග රංගනයකට බද්ධ වූ දක්ෂතාවයකින් යුතු සමනලී ෆොන්සේකා ගැන පසුගිය දිනවල බොහෝ දෙනා වැඩිපුර කතා වුණේ ්රැුඛ ඉවරයි, හුස්ම සහ ඔක්සිජන් නාට්‍ය වල රඟපෑ චරිත නිසයි. ඉන්පසුව මේ දිනවල ඇය ගැන පේ‍්‍රක්ෂකයින් කතා කරන්නෙ, ”කොළඹ අපි ආවා” නාට්‍ය නිසයි. මේ විදියට රංගනය සමග ගලා යන සමනලීගේ ජීවිතයට සමීප වූ පිළිසඳරකට එක්වෙමු.

 

2016-06-24-ent-44සමනලී මේ දිනවල රංගන කටයුතු මොන විදියටද ගෙවෙන්නේ?

ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන ”කොළඹ අපි ආවා” නාට්‍යයේ රඟපානවා. ඒ එක්කම චිත‍්‍රපට දෙකක රඟපෑවා, ලබන මස විකාශයට නියමිත ටෙලි නාට්‍යයක රංගනයටත් එක් වුණා.

 

ඒ හා සමගාමී වූ ඔබගේ ජීවිතය ගලා යන්නේ මොන විදියටද?

පරිසරයේ රටේ වෙනස්කම් එක්ක, සුපුරුදු විදියටම තමයි ගලා යන්නේ.

 

අර එදා ඔබ ඇතුළු අලූත් පරපුරේ කලාකරුවන් ගැන නිතර කතිකාවක් ඇති වුණා නේද?

ඒ පරපුර පෙනී සිටියෙ ස්වාධීනව මිස කාගෙවත් පුද්ගලික අරමුණු සඳහා නොවෙයි. රටේ යහපත සඳහා වූ අරමුණ වෙනුවෙනුයි. දේශපාලනය කියන දේ එක්ක සවිඥානිකව සිටිය කට්ටියක්. ආචාර්ය මහාචාර්යවරු මෙන්ම විද්වත් පිරිසක් සමග මේ අලූත් පරපුරේ කට්ටිය ඒකාධිපති පාලනය පළවා හැරීම සඳහා අදහස් ප‍්‍රකාශ කළා. තවම අපි සිටින්නේ ඒ ස්වාධීන තැනයි. එහෙම නැතුව පවතින රජය වැළඳගෙන තනතුරු ගන්න, ව්‍යාපෘති ලබාගන්න අපට අවශ්‍ය වුණේ නැහැ.

 

පුද්ගලිකව ඔබට ඔබගේ ජීවිතය ගැන දැනෙන්නේ කොහොමද?

ලෝකය සමග ඉදිරියට යන අතරේ කොතෙකුත් අලූත් දේ ඉගෙන ගන්න කැමති චරිතයක්.

 

ඔබ කොහොම කෙනෙක්ද?

සාමාන්‍ය සරල චරිතයක්. ලෝකය වෙනස් කරන්න දායක වෙන්න ආසයි. ලෝකයට මනුෂ්‍යත්වය ඉතිරි කරන්න මොන විදියකින් හෝ දායක වෙන්න කැමතියි. ඒ උත්සාහයේ යෙදෙනවා. ඒත් ඒක කොච්චර දුරකට ඉටු වෙනවද කියලා දන්නේ නැහැ.

 

කලාවේ නිරත වන්නෙ වෘත්තිය සඳහාමද?

රංගනයට ආ දා සිටම එය වෘත්තීය මට්ටමින් කරන්නේ. ඒ වගකීම ගෞරවය ඊට ලබා දී තිබෙනවා.

 

එලෙසින් ඔබ දායක වූ නිර්මාණ දෙකක් ගැන පසුගියදා ලෝකයේ වැඩිපුර කතා බහට ලක් වුණා. අපි ඒ ගැන කතා කළොත්?

ළඟදීම තිරගතවීමට නියමිත ශමීර රංගනගේ ”මෝටර් බයිසිකල්” චිත‍්‍රපටය බොහොම ආදරණීය කතාවක්. දසුන් පතිරණ සමග රඟපෑමට එක් වුණා. ලංකාවේ මිනිසුන්ගේ අත්දැකීම්වලට සමීප අත්දැකීම් විඳගත හැකි අපූරු චිත‍්‍රපටයක් වේවි. ඒ එක්කම කල්පන සහ වින්දන ආරියවංශ සහෝදරයින්ගෙ ”පේ‍්‍රමය නම්” චිත‍්‍රපටය ජාත්‍යන්තරව සම්මාන ලබමින් තිබුණාට, රටේ තියෙන වාතාවරණයත් එක්ක, එනම් අපේ සිනමාවේ තියෙන චිත‍්‍රපට පෝලිමත් එක්ක, මේක ඒ පෝලිමට අසුවෙලා. වසර දෙක-තුනක සිට ලංකාවේ විශේෂ දර්ශන පැවැත්වුවත්, බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණත්, ලාංකීය පේ‍්‍රක්ෂකයාට තවදුරටත් එය දුරස්ථව තිබෙනවා. ශ්‍යාම් ප‍්‍රනාන්දුගෙ රංගනය සහ මගේ රංගන දායකත්වයත් සමග කල්පන සහ වින්දනගෙ ඒ අපූරු නිර්මාණයන් ඉක්මනින්ම පේ‍්‍රක්ෂකයාට නැරඹිය හැකි වේවි කියා මා විශ්වාස කරනවා.

 

සමනලී කිව්වාම, මෘදු නාමයක් වූවද, ඊට එහා ගිය දැඩි අදහස් ඇති චරිතයක් කිව්වොත්?

නමට සරිලන විදියටම මේ ලෝකයේ මිනිස්සු හැදෙනවා නම් ඒක කොච්චර හොඳද, නම කියන්නේ අනන්‍යතාවයට සංකේතයක් විතරයි. නමුත් කරන - කියන දේ එක්ක තමයි සමාජයට එය සාපේක්ෂ වන්නෙ. මනුෂ්‍යාගේ ගති පැවතුම් සහ ක‍්‍රියාකාරීත්වය එක්ක තීරණය වන දෙයක්. එහිදී කාන්තාව කියන මාතෘකාවේදී, කාන්තාව ආසියාතික රටවල රාමුවෙලා. සංස්කෘතිය - සදාචාරය ඉදිරියට ගෙන යන සහ කන බොන ඇවිදින x මේ ඔක්කොම සමාජය විසින් ඇයව රාමු කරලා ඉවරයි. ඒත් අවිය අතට අරගෙන ලෝකයේ බොහෝ දේ වෙනස් කිරීම වෙනුවෙන් ඉගෙන ගන්න වගේම තම තමාගේ යුතුකම් සමාජයට කළ යුතුව තිබෙනවා. ඒ අනුව ශක්තිමත් පුරවැසියකු බවට පත්වන්න ඕනෑ.

 

සමනලි ඉදිරි විශේෂ වූ රංගනයන් ගැනත් සඳහන් කළොත්?

සංජීව පුෂ්පකුමාරගෙ ”දැවෙන විහඟුන්, චින්තන ධර්මදාසගෙ ”ඇවිලෙන සුළුයි.” බූඩිගෙ නිම්නයක හුදෙකලාව.

 

සමනලි ඉදිරි විශේෂ වූ රංගනයන් ගැනත් සඳහන් කළොත්?

සංජීව පුෂ්පකුමාරගෙ ”දැවෙන විහඟුන්, චින්තන ධර්මදාසගෙ ”ඇවිලෙන සුළුයි.” බූඩිගෙ නිම්නයක හුදෙකලාව.

 

හැඩගැන්වීම Salon Dee (ඩිලානි පෙරේරා)

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-06-24-ent-46
2016-06-24-ent-45
2016-06-24-ent-43
2016-06-24-ent-42

 



අදහස් (0)

‘අද කාන්තාව රාමු කරලා තියෙන්නේ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site