දැනට ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ එකිනෙක ඉවත් කරමින් සුඛෝපභෝගී බස්රථ ඒ වෙනුවට යෙදවීමට සැලසුම් කරමින් සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
පොදු ප්‍රවාහන සේවා නියාමනය රජයෙන් සිදුවන බවක් නොපෙනෙන බැවින් ස්වයං නියාමනයක් වශයෙන් මේ කටයුත්තට අත ගැසූ බව ද විජේරත්න මහතා කීවේය.
වායු සමනය කරන ලද බස්රථ පවතින ගාස්තු යටතේම ධාවනය කළ හැකි බවත් එහි දී ඉලෙක්ට්‍රික් බස් රථ යෙදවීමෙන් ආදායම තුළනය කළ හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙම කටයුත්ත සඳහා කොළඹ මහා නගර සභාව සහ දීමට පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කළේය.
විජේරත්න මහතා මේ කීවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ය.
‘යහපාලන ආණ්ඩුව පත්කරන්නට අපිත් දායක වුණා. ඒත් අදටත් පවතින්නේ මහින්ද රාජපක්ෂ ඡායා පාලනයක්. ජාතික ප්‍රවාහන කොමිසම, පළාත් කාර්යාල අටක් ඇතුළුව පැවැතුණත් කරන දෙයක් නැහැ.ඒ නිසයි අපිටම මෙහෙම ස්වයං නියාමනයක් සිදු කරන්න වුණේ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට ඕනෑ ඕනෑ වෙලාවට බස් ධාවනය නවත්තපු එකටද දන්නෙ නැහැ ‘දායක වුණා‘ කියන්නේ? (නි)
මෙතුමලා හිටපුගමන් මේ වගේ හීන පෙනිලා කියවනවා. ගණන් ගන්න හොඳ නැහැ (නි)
සුරඟන කතා කියලා අපිව රවට්ටන්න බැහැ. තියන බස් ටිකත් දුවවගන්න බැරි එකේ සුඛෝපභෝගී බස් ගැන කතාව නම්! (නි)
මේ මහජනතාවට සුඛෝපභෝගී ගමන් දෙන්න හදන්නේ මගේ හිතේ ජනතාවට තියන අනුකම්පාව නිසා වෙන්න ඇති. මේ නිසා ඒ අයට සුඛෝපබෝගී බස් දුවන්න දීලා, මහජනතාවගේ ලංගමය දියුණු කරන්න ප්‍රවාහන ඇමතිතුමා කටයුතු කරනවා නම් හොඳයි. අවංකව කටයුතු කළොත් එය වෙනවාමයි. (නි)
කරුණාකරලා වෙන අයගේ වැරදි වලට මහින්දව ගාවාගන්න එපා (නි)
ඇති යන්තම් ජනතාවට සේවයක් කරන්න හිතිලා ගැමුණු මහත්තයාට (බ)
මේකෙන් මාර්ග තදබදය අඩු වෙන්නෙ නැහැ. සාමාන්‍ය බස් එත කොට අර්ධ සුඛෝපභෝගී කරයි (අ)
මෙයා කවදාවත් කියුවද පාරවල් හොඳ නැහැ, බස් දුවන්න බැහැ කියලා. එහෙම කියන්න බැහැ. මහින්ද පාරවල් ටික හොඳට හදලා දුන්නා. එයා කරපු හොඳ වැඩ ගැන මෙයාලා කියන්නේ නැහැ. ඕකට කියන්නේ කුහකකම කියලා. හැබැයි දැන් ඒ පාරවල් නඩත්තු කරන්නේ නැතුව විනාශ වෙමින් යනවා. (නි)
අන්න ඕක නම් හොඳ දෙයක්. ඕකෙන් වෙන්නෙ මිනිස්සු බස් එකේ යන්න පුරුදුවෙන එකයි, ට්‍රැෆික් එක අඩුවෙන එකයි (නි)
කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ගියා නම් ඉවරනේ (නි)
මෙයාලම තමයි හයිවේ එක බස් ධාවනයට සුදුසු නැහැ කියලා බස් නොදා එදා ගණන් ඉස්සුවෙ. ගෝඨා ටිකකලක් නිහඬව ඉඳලා ආණ්ඩුවෙන්ම බස් දැම්මා. දැන් හයිවේ එකට බස් දාන්න අඬනවා (නි)
මොනවද ඒ ගමන මේ කියවන්නේ? (නි)
ඔව් මහතාණනි, දැන් තියෙන්නේ කාඩ්බෝඩ් පාලනයක් කියලා අපිටත් තේරෙනවා. (නි)
හිමිහිට ගාන වැඩිකරන්න හදන්නේ මහින්දට බැන බැන (නි)
ඒකනේ කියන්නේ. මහින්දලා හොරකම් කරලා හරි පාරවල් ටික හැදුවා බස් ටික දුවන්න (නි)