මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරට අද(07) නව ආසාදිතයන් 326දෙනෙකු එක්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සවස 6.15ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ 172දෙනෙක් සහ බන්ධනාගාර කොරෝනා පොකුරේ 154දෙනෙක් ඒ අතර වෙති.

ඒ අනුව සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන මේ වනවිට 24,648කි