අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන  ප්‍රදේශය) දිවයිනට දකුණු දෙසින් පවතී.  එහි බලපෑමෙන් වැසි තත්ත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරේ.

අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී  දිවයින පුරාම පාහේ  වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යයි. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි (මිලි මීටර් 75ට වැඩි)  ද ඇති විය හැකිය.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති විය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි