
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බරපතළ අපයෝජනයකට ලක් කළේ යැයි කියන ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කර ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංග්‍රීසි විෂය උගන්වන පනස් දෙහැවිරිදි ගුරුවරයකු සහ අවුරුදු හතළිස් දෙකක් වයසැති නියෝජ්‍ය විදුහල්පතිවරියයි.
බරපතළ අපයෝජනයකට ලක්වූයේයැයි කියන සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කර ඇත.
අවුරුදු දොළහක් වයසැති සිසුවිය ගුරු විවේකාගාරයට කැඳවා සැකකාර ඉංග්‍රීසි ගුරුවරයා ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි මහවෙල පොලිසිය කියයි.
සිසුවිය තමාට සිදුවූ අතවරය ගැන ඇය සමග එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියකට පැවැසීමෙන් පසු දෙදෙනාම ගොස් මෙය ගුරු උපදේශකවරියකට දැනුම් දීමෙන් පසු ඇය මෙය පන්තිභාර ගුරුවරියට පවසන ලෙසට උපදෙස් දී ඇතැයි පොලිසිය කියයි.
මේ බව ඇයට දැනුම්දීමෙන් පසු සිසුවියට මේ ගැන විදුහල්පතිවරයාට දැනුම් දෙන ලෙස උපදෙස් තිබේ.
මිතුරිය සමග විදුහල්පති නිල කාමරයට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා නිවාඩු ලබාගෙන සිටි නිසා වැඩ බැලීම සඳහා පත්කර සිටි නියෝජ්‍ය විදුහල්පතිවරියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කීය.
නියෝජ්‍ය විදුහල්පතිවරිය ඇයට මේ මේ බව මව්පියන්ට හෝ වෙනත් කිසිවකුට නොකියන ලෙසත් එසේ කීවොත් පාසලෙන් අස් කරන බවටත් තර්ජනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ගැහැනියක්ම රැජිනක් කිව්වට මේ නියෝජ්‍ය විදුහල්පති ගැහැනියක් කියන්න බැහැ .පාසලේ පාලනය හරියාකාරව කරන්න බැරිවුනොත් තොරතුරු සගවා පාසලේ බම්බුව රැක ගන්න තමයි උත්සාහ කරන්නෙ. කොහොම වුනත් සුදුස්සාට සුදුසු තැන නොදෙන තත්වයක් යටතේ විදුහල්පතිට අවශ්‍ය අයව නියෝජ්‍ය හා සහකාර විදුහල්පති කිරීමේ විපාක . මෙහෙම දේවල් වෙනවා නම් එම පාසල් තත්වයෙන් පහල දැමීමට ක්‍රමයක් නොපමාව සකසන්න ඕන
රස්සාව කරන්න ඕන නිසා ගුරු වෘත්තීය තෝරගෙන පාසල් වලට ආවම මෙවැනි දේ වෙනව. ගුරු වෘත්තීය හෑල්ලුවට ලක් කරල. කිසිදු වෘත්තිය ආකල්පය ක් නැහැ . අධ්‍යාපන පද්ධතිය විනාශ කරමින් ඉන්න මෙවැනි අය ගුරු වෘත්තීය ට නිගාවක්. වහාම විනය පරීක්ෂා තියලපන්නල දාන්න .
මෙවැනි අය ගුරුවරු යන නමටත් කැළලක් .මෙයාලා තමයි සටන් කරන්නේ පෙළපාලිවල
මෙවුන් ඇත්තටම ගුරුවරු ද නැත්නම් මානසික ලෙඩ්ඩුද? මේ කියන ගුරුවරයාට ඔය වයසේ දරුවොත් ඇති. මේ වගේ එවුන්ට තමන්ගේ දරුවෙක් වුණත් කෙලෙසන්න පුළුවන්. දැඩි දඬුවම් දෙන්න ඕන අනිත් වුන්ටත් හැදෙන්න. මෙහෙම බලද්දී අපේ කාලේ හිටපු ගුරුවරු, ගුරුවරු නෙමෙයි ගුරු දෙවිවරු.
දරුවන් යහමගට ගන්න බලය ලත් ගුරුවරියක් දැරියන් අපයෝජනයට අනුබල දෙනවා නම් තොරතුරු වසන් කරනවා නම් පිරිමි ගැන කවර කතාද .ඇත්තටම දැන් කාලයේ රාජ්‍ය සේවයේ විනයානුකූලව කටයුතු කෙරෙන්නේ නැද්ද. වර්තමානයේ රජයේ සේවය සදහා බදවාගැනීම් කරන අවස්ථාවල විධිමත් පුහුණුවක් (ඉගැන්වීම ගැන නොවෙයි ආකල්ප ,කුසලතා හා පත්වීම් ලිපියේ කොන්දේසි ගැනවත් විධිමත් පුහුණුවක් )නොදීමේ විපාක තමයි මෙයින් පේන්නෙ
මෙතනින් අතනට, එතනින් වෙනතැනකට, කී තැනකදී ශාරීරිකව මනසිකව අපයෝජනයට ලක්වෙනවද? පාසැලත් මේ වගේ අනාරක්ෂිත ස්ථානයක් නම් තව මොන කතාද? වෙන හැමදේටම කළින් මේ පරිපාලකයන්ට, ගුරුවරුන්ට නීතිය උගන්වන්න වෙනවා.
ඇයි මේවට සම්බන්ධවෙන ගුරුවරුන්ව සේවයෙන් නෙරපලා මාධ්‍ය නිවේදනයකින් පවුල් වරිග හරතරටම දැනුම්දෙන්න ක්‍රමයක් නැත්තෙ? අධ්‍යාපන බලධාරීන්ට කොන්ද පණ නෑ. වෙන රටවල නම් මේ වගේ අයට ආය රස්සාවක් ලැබෙන්නෙ නෑ.