යාපනය අනලතිව් දූපතට නාවික සැතපුම් පහක් බටහිරින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අයහපත් කාලගුණය හේතුවෙන් කාර්මික දෝෂයකට ලක්ව අතරමංව තිබූ බෝට්ටුවක සිටි ඉන්දීය ධීවරයින් තිදෙනකු බේරාගත් අතර අද ඔවුන් ඉන්දියාවට බාරදීමට නියමිත බව නාවික හමුදාව කියයි.
එම මුහුදු තීරයේ ඉරිදා (20) මුර සංචාරයේ යෙදී සිටි ඩෝරා යාත්‍රාවක සිටි නාවික හමුදා සාමාජිකයන් මෙම බෝට්ටුව දැක ධීවරයින් පිරිස බේරාගෙන යාත්‍රාවද සමග කරෙයිනගර් නාවික හමුදා කඳවුරට ගෙනැවිත් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ දේවල් අපේ හමුදාවේ අය කළාට ඉන්දියාවේ ජයලලිත කිව්වේ අපේ හමුදාවේ අය ඉන්දිය ධීවරයින්ට පහරදෙනවා කියලා (අ)
අපේ මුහුදු සීමාවේ හොරකමකට ආවත් ලංකා හමුදාවන් තුල ඇති මානුෂික භාවය ලොවට හෙලිකලා. හොද ආදර්ශයක් (බ)
නාවික කරුණාව (බ)