මුදල් විශුද්ධි කිරිමේ පනත අපට ගේන්න සිද්ධ වුයේ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ මුදල් මේ රටට ගෙනවුත් ආයෝජනය කරනු ඇතැයි බයට. ඒ පනතේ කරුණු කිහිපයක් තියෙනවා. මත්ද්‍රව්‍ය, ආයුධ, බාල වයස්කාරියන් ගණිකා සේවයේ යොදවා හම්බ කරන මුදල් අපරාධ වලින් උපයන මුදල් ලෙසයි සලකන්නේ. දැන් මේ අයට චෝදනා කරෙ තියෙන්නෙත් ඒවට. සි.එස්.එන්. එක කරල තියෙන්නෙ කුඩු විකුණන එක, මාධ්‍ය වැඩ නෙවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් ගෙනල්ල ත්‍රස්තවාදය ලෝකයෙන්ම නැති කළ එකම නායකයගෙ පුතාටත් ඒ පනතෙන්ම දාපු එක තමා අද යහපාලනය. හිටපු ඡනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාඡපක්ෂ මහතා ඉරිදා (31) මහනුවර දිස්ත්‍රික් පලාත් පාලන මන්ත්‍රිවරුන්ගේ හමුවකදී පේරදෙණියේදි පැවසීය.
.මම බොහොම සංතෝසෙන් ගමට ගියේ සැනසිල්ලෙ ඉන්නව කියල. නමුත් මම මාස තුනක් යනකම් බැලුව මට හැමදාම ගහනව, දෝෂාරෝපනය කරනව. ඉන් පස්සෙ මන්ත්‍රිවරුන් මාව දෙශපාලනයට ඇදල ගත්ත මම දැන් දේශපාලනයට ආවා. මම දේශපාලනයට ඇවිත් ආපහු අතර මග බ්‍රේක් ගහන කෙනෙක් නොවේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වල් අලියට භාර දුන්නෙ කවුද? මම ද? දැන් මේ වල් අලියට නිල් අලියයි රතු අලියයි සපොට් කරනව. මාධ්‍යට තර්ඡනය කරනව පාර්ලිමේන්තුවෙදි ඒක තර්ඡනයක් නෙමේ කියලත් කියනව.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි, ශාන්, ද සිල්වා, කරකියා ගන්න දෙයක් නැතුව පිස්සු නටන්නේ යහපාලකයෝ කියලා ඔබට තේරෙන්නේ නැද්ද? (නි)
වැරදි කළා නම් දඬුවම් විඳින්නම වෙනවා (නි)
හරි හරි , දැන් ඔය සරත් ෆොන්සේකා මහත්තයාටත් චෝදනා එල්ල කළා නේද? ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙනුත් ඇහුවා නේද සල්ලි කොහෙන්ද හම්බවුණේ කියලා? ඉතින් ඒවගේම තමා මේ පුතාගෙනුත් අහන්නේ කෝටි ගණන් සල්ලි කොහෙන්ද හම්බවුණේ කියලා, රූපවාහිනී නාලිකාවක් පටන් ගන්න. ඉතින් රටේ නීතියට හැටියට කාගෙනුත් ඔය ප්‍රශ්නේ අහන්න බැරිද? (නි)
ඔය වාහනේ බ්‍රේක් නැතුව කොහේ නතර වෙයිද දන්නෙ නැහැ (නි)
ඔබතුම රට බේරාගෙන මහා පැරකුම්බා කෙනෙක් හරි ධාතුසේන කෙනෙක් හරි වුණා නම් ඔය වින්නැහිය වෙන්නේ නැහැ (නි)
ඔහොම දිගටම යමු මහත්තයෝ (නි)
ඔබතුමා ත්‍රස්තවාදය පරාජය කිරීමට යොදාගත් උපාය මාර්ගය නම් නොනවත්වා පහරදීමයි. විරුද්ධවාදීන් ඔබතුමාව පරාජය කිරීමට යොදාගත් උපාය මාර්ගය නම් නොනවත්වා බොරුකීමයි. (නි)
ඒ වුණත් බ්‍රේක් වැඩකරනවාද කියලා පොඩ්ඩක් බලලාම යන්න (නි)
මොන බාධක ආවත් කවදත් දිවිහිමියෙන් ඔබතුමා සමගයි (ම)
ඔබ නැත්නම් අද ශ්‍රී ලංකාවක් නැහැ (නි)
මේ මනුස්සයා නැත්නම් මේ අදහස් දාන බොහෝ දෙනෙක් මැරුන තැන්වල ගසුත් පැලවෙලා. මෙහෙමත් ගුණමකු ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. (නි)
බ්රේක් නොගහා යන රියදුරන්ගෙන් වගේම බ්‍රේක් නොගහා යාමට උත්සාහ කරන දේශපාලකයන්ගෙන්ද ජනතාව ප්‍රවේශම් වියයුතුය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිරබත් කන්න සිදුවුණෙත් සමහර දේශපාලකයන්ගේ තිරිංග පාලනය නොවූ නිසාය. තමන්ට හෝ තම පවුලේ කෙනෙකුට නිකරුනේ හිරබත් කන්න සිදුවන්නේ නම් එය කොතරම් වේදනාකාරීද යන්න කෙනෙක් එය විඳවාම තේරුම් ගන්නේ නම් ඉතා මැනවි. (නි)
එතකොට සී.එස්.එන්. එකට යොදවපු මුදල් ගැන මොනවද කියන්න තියෙන්නේ? (නි)
හැමදාම අපි ඔබ සමඟයි. ජයවේවා! (නි)
යුද්ධය දිනා දුන් නිසා හොරකම් කරන්න පුළුවන් කියලා නීතියක් රටේ නැහැ. බ්‍රේක් ගහන්න එපා. ඔහොම යමු (නි)
බොරු කියන්න එපා මහත්තයො, අපි දන්නවා කලු සල්ලි කියන්නෙ මොනවද කියලා (නි)
ඉදිරියටම යන්න ඔබට ජය.! (ර)
1970 න් පසු බිහි වූ මේ රටට වැඩකළ දේශපාලනඥයින් අතරින් මහින්ද ඉන්නේ පළමු ස්ථානයේ. ඒ වගේම 1970 න් පසු බිහි වූ දූෂිත දේශපාලනඥයින් අතරින් මහින්ද ඉන්නේ අන්තිම ස්ථානයේ. ඔහුට මුදල් හම්බ කිරීමට තිබූ හොඳම මඟ යුද්ධය. ඒ පිළිබඳව අසුගිය තිස් අවුරුදු පාලන සමයේ දරන ලද වියදම් පරික්ෂා කළොත් සොයාගන්න පුළුවන්. නමුත් මුදලට වඩා රට පෙරට තබා ඔහු යුද්ධය අවසන් කළා. (නි)
ඔබතුමා නම් තවමත් ඉස්සර වගේමයි (නි)
සෙනෙවිරත්න, හොරකම් කළා කියලා චෝදනා විතරයි තියෙන්නේ. මහින්ද දේශපාලනයට එන එක නවත්තන්න තමයි ඒවා කියන්නේ. යෝෂිත අරගත්තෙත් හරියට චෝදනාවක් නැතුවයි. ඉස්සරනම් චෝදනා ඔප්පු වුණාම තමයි උසාවියට දාන්නේ. දැන් උසාවියට දාලා චෝදනා හොයනවා! (නි)
ඔබතුමා සැලේන්නැති බව අපි දන්නවා අපි ඔබතුමා සමගයි. (ර)
පල්ලමටම ගිහින් පාඩමක් ඉගෙනගනී වගෙයි මේ පාර. (නි)
කවුරු කොහොම කිවුවත් අපේ වීරයා ඔබයි (නි)
අපි සැමදා මහින්ද මහත්තයා සමඟයි. අපිට පක්ෂ වැඩක් නැහැ, අලුත් පෙරමුණකින් එන්න (නි)
අපිත් බ්රේක් ගහන්නේ නෑ. (ර)
දැන්නම් රටටත් බ්‍රේක් තමා. (නි)
ඇත්තටම ඒ කාලේ ඔබ තුමාට බ්රේක් තිබුනා නම්, අද මේ ප්‍රපාතයට වැටිලා මේ නස්පැත්තිය වෙන්නේ නැහැ. ඔබතුමාට තිබෙන ආදරයට ඉදිරියේ තියන බෑවුම දැකො අපි කෑගැහුවට, ඔබතුමාට ඒක ඇහුනේ නැහැ. මොනවා කරන්නද? ගොඩක් අය අහන්න කැමති මෝඩයින්ගේ වර්ණනාව මිසක් ප්‍රඥාවන්තයින්ගේ තරවටුව නෙමෙයිනේ (නි)
කොහොමත් දැන් බ්‍රේක් හිරවෙලා තියෙන්නේ (නි)
දැන් බ්රේක් ගහන්නේ නෑ කියන්නේ... (ර)
සමහර කළු සුද්දන්ගේ අදහස් දුටුවිට ඔවුන් ගැන අනුකම්පා නොසිතෙයි (නි)
ජේ.ආර්. හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අනපේක්ෂිත ලෙස ආණ්ඩු පෙරළීම්, සීමාව ඉක්මවා විධායක බලතල පාවිච්චි කිරීම්, රජවරු සෑදීම්, හිතෙන හිතෙන අවස්ථාවල නොයෙක් මැතිවරණ පැවැත්වීම්, ගේම් ගැහීම්, බිලිබා ගැනීම් එතුමා බලාපොරොත්තු නොවුණා විය හැකිය. නමුත් 1994න් පසු එම ව්‍යවස්ථාව උපයෝගී කරගෙන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය කියමින් බොහෝ පිළිගත නොහැකි දේ සිදුවුණා. ඔහොම තමයි, හිතපු දේවල් නොවෙයිනේ සිදුවන්නේ. මගේ අරක්කු මටම තලනවා කියන්නේ ඕක වෙන්න ඇති. (නි)
අපි මහින්ද මැතිතුමා සමඟයි. ජයවේවා! (නි)
ඉදිරියටම යන්න ජනපතිදුනි. (ර)
සිංහල මිනිහට ඉක්මණටම කළගුණ අමතක වෙනවා (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියේදී (නි)
පුන්සඳට බල්ලෝ බිරුවාට සඳේ දීප්තිය අඩුනොවේ (නි)
අනේ පිටිගල දන්නා දේශපාලනය? (නි)
ඔබ "ත්‍රස්තවාදය ලෝකයෙන්ම තුරන්කළ එකම නායකයා යැයි" උදම් ඇනීමට තරම් තත්වයකට ඇදවැටීමත්, වර්තමාන ලෝකය ගැන අබ ඇටයක් තරම්වත් දැනීමක් නොමැතිවීමත් අපේම අවාසනාවක්, හිටපු ජනාධිපතිතුමනි ! (නි)
කොහොමත් ඔබතුමා ගියේ බ්‍රේක් නැති ගමනක් බව අපි දැක්කා (නි)
බ්රේක් නොගහම ගිහින් තාප්පයකටම අල්ලන්න මහත්තයෝ (නි)
ඔබතුමාට ජය! (නි)
ද සිල්වා, ටිකක් හුළං බැස්සා තමයි. ඒකෙන වැරදි පාරේ අරන් ගියේ. දැන් ආයෙත් හුළං ගහලා පාරට අරගෙන තියෙන්න. (නි)
බ්රේක් ගහන්න ඉස්සරහට යන්න එපායැ. යන්නේ නැති වාහන වල බ්‍රේක් ගහන්නේ කවුද? (නි)
මෙතුමා පමණක් නොවෙයි, මෙතුමාගේ පවුලේ අයත් ඒ කාලෙ ධාවනය වුණේ බ්‍රේක් නැතුව තමයි. (නි)
ඕනෑ වෙලාවට බ්‍රේක් ගහන්නේ නැති රියදුරකු සමඟ ගමන් කිරීමත් ඉතා අවදානම්. (නි)
ඔබ රට බේරගත් එකට අපි හැමදාමත් ඔබට තුති පුදනවා. එත්.... (ර)
ඔබතුමා වැරදි නොකළානම් අපිත් ඔතන (බ)
දැන් සමහර අයට මතක නෑ හිටපු ජනපති බලයට ඇවිල්ලා ෆෙඩරල් දෙන්න සාකච්ඡා කරන්න සිරිපාලලා ජී එල් ලා ජිනීවා නොර්වේ යැව්ව හැටි ගියහැටි. ජේ වී පියයි හෙළ උරුමයි විතරයි යුද්දේ කරන්න කීවේ. "-- කෙන්ද " යුද්ධ කරන්නේ කියල හැංගුන අය තමයි දැන් වීරයෝ වෙලා ඉන්නේ. අන්තිමට මාවිල් ආරු වහල දැම්මත් නිකන් බලං හිටිය. ජ වී පෙ මැදිහත් වෙලා ෆොන්සේකා යුධ හමුදපති කරලා කට්ටියව යුද්ධෙට තල්ලු කළා. හෙළ උරුමයේ හාමුදුරුවරු "උබල යන්නේ නැත්නම් අපි යනවා කියල මවිල් ආරු වලට ගිය හැටි කට්ටියයකට මතක නැහැ. (බ)
එක ඇත්ත. (ර)
මුළු රටටම නිදහස අරන් දීපු අපේ වීරයා මහින්ද රාජපක්ෂ. හැමදාම අපි ඔබ සමගයි .ජයවේවා.! (ර)
බ්රේක් ගහන්න දැන් බ්රේක් නැහැනේ... (ර)
ඔය කර කියා ගන්න දෙයක් නැතුව කියන දේවල් දැන් ඉතින් හඩලා වැඩක් නැහැ.. (ර)
දැන් ටයර් වල හුලන් ගිහිල්ල රීම් එකෙන් යන්නේ , බ්රේක් ගහන්න අවශ්‍ය නැහැ ඔහොම ගිහිල්ල නිකම්ම නවතීවි. (ර)
මහින්ද මහත්තයෝ මේ අනම් මනම් කියන්නෙ නැතුව කියන්න සී එස් එන් එකට යොදවපු කෝටි 25 සල්ලි චූටි පුතාට කොහෙන්ද ලැබුනෙ කියලා. (බ)
බ්රේක් නොගහ වලෙන් බේරිලා යන්න බලන්න. (ර)
මගදී බ්රේක් ගහන්න වෙන්නේ නැ මුලදීම ඕක නවතිනවා. (ර)
සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නවිට හිරේ දමනවිට වේදනාවක් ඇතිවීම ගැන හිතුවේ කොහොමද? වේදනාව සියලු දෙනාට එක හා සමානය. (නි)
දේශපාලන පක්ෂවලට අපේ ඇති ගැතිබවට සීමාවන් තිබීම වැදගත්ය. හැම දෙයක්ම විවෘත මනසකින් බැලීම උගතාගේ ලක්ෂණයකි. මොනම හේතුවකටත් රටක ඇති සිවිල් පාලනය උල්ලංගනය වෙනවා කියන්නේ සුබ දෙයක් නම් නොවේ. (නි)
අපි බයනැතුව පාරේ බැහැලා යන්නේ ඔබතුමා නිසයි (නි)
දැන්නම් මුහුණදෙන්න වෙයි පෙර කළ හැමදේටම (නි)
කිසිම පැහැදීමක් නැහැ ඔබතුමා ගැන දැන්නම්
රටට නිදහස ලබාදීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා (ම)
මහනායක හාමුදුරුවෝ එපා කියද්දී දළදා මාළිගාව වටේ කාර් රේස් පැද්ද කාලයකුත් අපිට මතකයි (නි)
ඔබතුමා පටන්ගත් දූෂණය තමා අද රටේ රජකරන්නේ. (නි)