සෞදි අරාබියේ ගෘහසේවිකාවක් ලෙස පැමිණ මාස හයක පමණ රැකියාව කිරීමෙන් අනතුරුව හාම්පුතාගේ සහ ඇයගේ කැමැත්ත මත නැවත ලංකාවට යැවීමට සිටි ශ්‍රී ලාංකික කාන්තාවකට දමාම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැදී සිටිමට සිදු විය.
ඇයගේ ලියැවිලි වල අඩුවක් ඊට හේතුවයි.
අක්කරපත්තුවේ පදිංචි පොන්නම්බලම් ජයන්ති නමැති මෙම කාන්තාව අදාළ සෞදි ජාතිකයාගේ නිවසේ මාස හයක් රැකියාව කළාය.
හාම්පුතා විදෙස් සංචාරයක් සදහා පිටත් වීමට ඇති හෙයින් කාන්තාවගේ ද කැමැත්ත මත පසුගිය 7 වැනි දින ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට කටයුතු යොදා ඇත.
නිවසේ රියදුරු සමග ඇය ගුවන් තොටුපොළට ඇරලවා ඇති මුත් අයගේ සෞදි හැදුනුම්පත ඇය අතට පත්කර නොමැත (ඉකාමා)නව නීතිය අනුව කිසියම් තැනැත්තෙකු සෞදියෙන් ස්ථිරවම පිටවීමේදී ඉකාමා පත ගුවන්තොටුපොළ බලධාරීන්හට බාරදිය යුතු මුත් ඇය එම කාර්ය ඉටු නොකිරීම නිසා නැවත හරවා ඇත.
මේ වනවිට රියදුරුද පිටත්වී ගොස් ඇති අතර ඇය කනස්සල්ලෙන් සිටියායා.
මෙම අවස්ථාවේදී සෞදි ගුවන් සේවයේ ගුවන්තොටුපොළ පර්යන්ත සේවක මන්සූර් රිසාප් නම් ශ්‍රී ලාංකිකයා මේබව දැනගෙන ඇයට සිදුවී ඇති අකරතැබ්බ පිළිබඳ සොයාබලා මා වෙත ද දන්වා ශ්‍රි ලංකාවේ විදේශ සේවා කාර්යාංශයට ද ඉන් අනතුරුව ඇය පැමිණි රැකියා ආයතනයටද දැන්වීමෙන් අනතුරුව හාම්පුතාගේ දුරකථන අංකය ලබාගෙන ඔහුට කතා කොට නැවත නිවස වෙත පිටත්කැර යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බොහෝ පින්! (නි)
ලලිත් ප්‍රේමලාල් මහතාටත් බොහෝ පින්! (නි)
මහත්මා ගුණයෙන් පිරි උතුම් මිනිසෙක්.ඔබගේ සද්ක්‍රියාවට හද පිරි ප්‍රණාමය.!! (නි)
හරිම ආඩම්බරයි. හොඳ සහයක්. (ස)
ඇත්තටම එවැනි අය අගය කළ යුතුයි. (නි)
ඔබව අගය කරනවා. (ස)
සැබෑ මහත්මයෙක් ලෙස මන්සුර් රිසාෆ් මහතා කාන්තාවට අවශ්‍ය ලෙස, තැනට සුදුසු පරිදි අසරණවූ එම කාන්තාවට උදව් කර තිබෙනවා. එතුමාට මාගේ හද පිරි ගෞරවය! (ස)
මතකයි බන්දුල මල්ලි...අපි කරන හොඳ දෙවිවරුත් දකිනවා (ස)
හොඳ වැඩක් . (ස)
අපේ අර සමහර කට්ටියටත් මේවා දැනගන්න අරින්න (නි)
මනුස්ස කම හඳුනන මිනිහෙක් . විශේෂයෙන් සෞදි වගේ රටකදී . ලාංකික කාන්තාවක් කරදරයක වැටුණු අවස්ථාවක . සමහරු මෙම අවස්ථාව තමාගේ පහත් අදහස් පිනවා ගන්නට කටයුතු කරනා කලෙක . (ස)
නන්නාඳුනන රටක හොඳ ගතිගුණ තිබෙන අය අඩුයි. (නි)
මෙය අගය කල යුතු දෙයක් (ස)
නියමයි. (ස)
සැම්සන් රියාද් - ඔයාගේ කතාව ඇත්ත. (ස)
මේ කාන්තා 11 දා කිසි ම කරදරයක් නැතිව ලංකාවට ගියා. (ස)
ගොඩක් හොඳ වැඩක් අගය කළ යුතුය. බුදු සරණ වේවා. (ස)
ලස්සන හදවතක්. (ස)
ලස්සන හදවතක් (ස)
ශ්‍රී ලාංකිකයන්ගේ ගතිගුණ සහ අනෙක් විදේශිකයන්ගේ ගතිගුණ අතර වෙනස සෞදියේ ඉන්න සෑම මිනිසුන්ම දන්නවා. (නි)
ඔබ වගේ අනිත් අයටත් වෙන්න බැරි ඇයි? ඔය වගේ පිටරටකදී විශේෂයෙන් සහෝදරියකට උදව් වෙනවා නම් අන්න එතනයි මනුස්සකම තියෙන්නේ.අපේ සහෝදරියකට කරපු උදව්වට ඔබට ගොඩක් පින්! (නි)..
සැම්සන්, ඔබ අවංක අයට අකමැතිද? (නි)
බොහොම පින් සිදුවෙන වැඩක් (නි)
මමත් උදවු කරලා තියෙනවා .මතකද ලලිත් අයියේ? (නි)