(රංජිත් රාජපක්ෂ)
ආගරපතන ප්‍රදේශයේ සැඩ පහරට හසු වී අතුරුදන්ව සිටි අනෙක් පාසල් සිසුවියගේ ද සිරුර අද(19) සොයාගත් බව ආගරපතන පොලිසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබුවේ ආගරපතන ටොරිංටන් අග්‍රල්වත්ත ප්‍රදේශයේ පදිංචි මදියලගන් සංගීතා (12) නම් සිසුවියගේ සිරුරය.
එම සිසුවියගේ සිරුර සැඩ පහරට හසු වූ ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ පහළින් ටොරිංටන් තේ කර්මාන්ත ශාලාව අසල අග්රාඔයේ තිබී යුද හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව සොයාගෙන ඇත.
පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේතරම් තද වැස්සක් එන බව කලින් දැනසිටියේ නැද්ද? ඒකවත් කියාගන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? දැන් රට හැම තැනටම රතු නිවේදන දීලා වැඩක් නැහැ.
කාලගුනේ දැන්වත් ඇත්ත කියන්නකෝ.............
ඔය කාලගුණයට වැඩිය හොඳයි ගෙම්බෝ කෑගැහුවද කියලා බලන එක. උන්ට වරදින්නේ නැහැ. අපරාදේ මිනිස්සුන්ගේ බදු සල්ලි...
බලන්න මේ අසරණ මිනිස්සුන්ගේ මුහුණුවල දුක. ආණ්ඩුවේ රැකියා කරන බහුතරයක් කාර්යක්ෂමතාව කියන වචනයේ තේරුම වත් දන්නේ නැහැ. උදේ හවා රාජකාරි පැහැර හරිමින් පින් පඩි ගන්න මිනිස්සුන්ගෙන් කාලගුණ වාර්තා නෙවෙයි,රාජකාරි මේසයේ ඉඳන් බුදියන වාර්තා තමයි ලබා ගන්න තියෙන්නේ .