ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේදී සෙනසුරාදා (12) අතුරුදන්වූ 5 හැවිරිදි දැරියගේ සිරුර නිවස අසල වතු යායක ඇළ ඉවුරක තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
දැරිය සොයා පරීක්ෂණ සිදුකළ පොලිසියට අද පෙරවරුවේ ඇගේ නිරුවත් මළ සිරුර එම ප්‍රදේශයේ අකරංගහ සමූපකාරය ඉදිරිපිට අරවින්දවත්ත ඇළ ඉවුරකින් හමුවී ඇත. දැරිය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

![SAM_4673[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46731.jpg)
![SAM_4675[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46751.jpg)
![SAM_4695[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46951.jpg)

![DSC_0163[1]57](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_0163157.jpg)
![DSC_0159_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_0159_11.jpg)
![DSC_0161[1]12](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_0161112.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ගේනවා කියපු මරණ දඬුවම? යාපනේ ගැහැණු ළමයව මරපු වෙලේ මුළු රටම කුලප්පුවෙලා ඉටිපන්දම් පත්තු කරගෙන දැඟලුවා. ඒත් කිසිම ප්‍රතිඵලයක් නැහැනේ (නි)
මගේ ඔලුව කැරකෙනවා වගෙයි මෙවන් දේ දැකලා (නි)
මේ දවස්වල කීයක් නම් පොඩි දැරිවියන් මේ විදිහට මරලා දැම්මාද?ලංකාවේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ?මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න දැන්වත්......! (බ)
අනුරගේ කතාව හරි....මුන්ව අයුධ පෙන්නන්න එක්කන් යන්න ඕන තමා.....(බ)
මම මේ සම්බන්ධව ගොඩක් දේවල් මාධ්‍ය හරහා බැලුවා..මම හිතන්නේ මේ ගැන..ළමයගේ මවගේන් ඇසුරු කරන... ළඟම අය ගැන....... හොයල බැලුවා නම් දැන ගන්න පුලුවන් ....ඒ වගේම...සීයා...ඒ වගේම...සියල ගිය පස්සෙන් ළමයා හොරෙන් ගිහිල්ල අතර මන්වෙලා පාප තරයකුට හරි අහු වුනාද දන්නැහැ...(ම)
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන (බ)
ගේ බාගෙට හදන ගෙයක් නිසා බාසුන්නැහෙලත් සැකයි. පියා ගෙදර ඇවිත් තියෙන්නේ රෑ 12 ට උදේ වෙනකල් දරුවා ගැන බලල නැහැ එ්කත් සැකයි. (බ)
මෙවැනි අපරාධ කරන උන්ව හඳුන්වන්න,කවුරුන් විසින් හෝ වචනයක් හඳුන්වා දෙන්න. මොවුන්ට තිරිසන්නු කියන්න බැහැ. ඒක හොඳ වැඩියි (නි)
මේ තිරිසනුන්ට පොඩි ළමයා මොන අපරාධයක් කළා කියලද? මේ වගේ අපරාධ විදියට මරන්නේ හිතක් පපුවක් තියනවද මන්දා? (නි)
උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
මරන දඬුවම දෙන්න ඕනෑ මේ අපරාධය කළ කෙනාට (නි)
මේවට මරණ දඬුවම දෙන්න ඕනෑ. නැත්නම් මේ සමාජය ගන්න දෙයක් නැතිවෙලා යයි (නි)
මෙහෙමත් අපරාධ! (නි)
මේ අපරාධය කළවුන් එල්ලුම්ගස් යවන්න ඕනෑ (නි)
අනේ දෙවියනේ ඇයි ඒ තිරිසනාට පනපිටින් යන්න දුන්නේ? නයෙක්වත් ගැහුවේ නැත්තේ අැයි දෙවියනේ? ඒ මුහුණ මලක් වගෙයි. අනේ දෙවියනේ මේ කිරිසප්පයාට ඇයි මෙහෙම වුණේ? මොකක්ද මේ දරුවා කළ වරද? අපේ රටේ නීතියක් නැත්තේ ඇයි? අනේ දෙවියනේ මට නම් මේ දරු පැටික්කිගෙ මුහුණ බලන්න බැහැ. ඒ අහිංසක මුහුණ බලාගෙන මොන මිනිහටද දෙවියනේ මෙහෙම වැඩක් කරන්න පුලුවන් (නි)
පිස්සුද මහත්තුරුනේ..මේක යහපාලනය..මේ වගේ ඝාතකයෝ අල්ලලා එවලේම දෙන්න ඕන දඩුවම දුන්නේ මහින්ද මහත්තයාගේ කාලේ..දැන් ඒ කැලා නීති බැහැ.දැන් වැරදි කාරය අල්ලලා ඔහුගේ මානව හිමිකම් රැකගෙන උසාවියට ඉදිරිපත්කරලා හිරගෙට යවල ඔහුව අපේ බදු මුදලින් නඩත්තු කරවල දඩුවම් කාලය හමාර උනාම ගෙදර යවන්න ඕන පරිස්සම් කරලා..(බ)
අනේ! පුංචි මල් කැකුල, ඔයාට මේ වගේ අකල් මරණයක් වෙන්න එපා මතු උපදින කිසිම අත්භවයක.ඔයාට නිවන් සුවයම ලැබේවා! අහිංසක කිරිසප්පයෝ මෙහෙම සත්තු වගේ තිරිසන් විදිහට මරලා දාලා කැලේට විසිකරලා දාන්නේ කොහොමද? මේවට සෞදි අරාබියේ වගේ ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ. අපේ රටේ ඉතින් කව්ද ඕවා කරන්නේ? අඩුමගානේ එල්ලුම් ගහ ගෙනවා නම් සතිය යනකොට අපරාධ අඩුවෙනවා (නි)
දරුවන් අහිංසකයි. ඇයි දරුවන්ට මෙවන් දඬුවම් දෙන්නේ.මේවා මහම මහා අපරාධ...! (නි)
මෙවන් අපරාධ කරන අයට හිතක් පපුවක් නැද්ද? (නි)
මට ඔය මිනිහා හොයලා දෙන්න පුලුවන් නම්. එල්ලුම් ගස් යවන්න එපා. එයාට තව අවුරුදු ගානක් තියනවා ඉන්න. නියපොත්තෙන් පටන්ගමු දුක දෙන්න. (නි)
මේවා සහගහන අපරාධ දෙයියනේ (නි)
වැරදිකරුවන් ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නේ නැද්ද? (නි)
සත්තුත් තමන්ගෙ වර්ගයාගෙ පොඩිඋන් හොඳින් රැකගන්නවා. මේ වැඩේ කරලා තියෙන්නෙ මිනිස් වර්ගයේ කෙනෙක්. අපි මිනිසත්බව රැකගන්න නම් ඔක්කොම එකතුවෙලා මේ වගේ අය හොයලා එයාලා ගැන තීරණයක් ගන්න ඕනෑ. අපි සත්තු මර මරා අපේ ප්‍රයෝජනයට ගන්නවා. නමුත් මේ මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු (නි)
කවුරු කොහොම කිවුවත් මේ වරද කළ තැනැත්තාට ෂරියා නීතිය තමා හොඳ. අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්නම ඕනෑ (නි)
මේවා අලුතින් ඇතිවුණ දේවල් නොවේ. කුඩා ගැහැණු ළමයින් හොරාගෙන මරාදමන සිද්ධි වසර ගානක සිට සිදුවෙනවා. ඒ කෙසේවෙතත් මිනීමරුවන් සොයා එල්ලුම් ගස් යවන්නම ඕනෑ (නි)
හෙණ ගහනවා (බ)
මේ වගේ අපරාධවලටවත් නැති මරණ දඩුවම කොස් කොටන්නද කියල තමයි මේ රට පාලනේ කරපු, කරන අයගෙන් අහන්න තියෙන්නේ.(නදී)
ඒ දෙමාපියන්ට කොච්චර දුක ඇද්ද? (නි)
වැරදී කරන අයට සමාව සහ අනුකම්පාව ලබාදීම පිලිබඳ දර්ශකයක් හැදුවොත් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු තැනට එයි (නදී)
සුනිල් පෙරේරා කියන ගායකයා කිව්ව දේ හරි නේද? මේ පින් කෙත රන් දෙරනේ ඉපදෙන්න හොඳ නැහැ ආයේ (නදී)
මොන මරණ දඬුවම්ද? වැරදිකාරයා අල්ලගත්ත ගමන් පෙරකදෝරුවෝ පොරකනවා නඩුව අල්ලගන්න. මියගිය දියණියේ, මෙවැනි සමාජයක් ඇති රටක නැවත ඔබ නොඉපදේවා! සසර භවගමන ඉතාමත් කෙටි වී නිර්වාණය අවබෝධ වේවා! (නි)
රත්තරන් දුවේ, ඔයා වගේ කීදෙනක් මේ වනවිට මේ මාස ටිකට අපට අහිමිවුණාද? ඇත්තටම අපි කවුුරුත් මේ වැඩකරන ලද පාපතරයන්ට ශාප කරනවා.ඔවුන්ට යහතින් නම් ඉන්න වෙන්න එපා. ඇත්තටම මම දකින්නේ දෙමව්පියන් දරුවන් හැදුවට මොකද දෙමව්පියන්ගෙන් ඉටුවියයුතු යුතුකම් වල දරුවන්ට රැකවරණය ලබාදී යහපතේ යෙදවීම කියන කරුණ ගැන ප්‍රායෝගිකව ක්‍රියා නොකරන බවයි.ඇයි දෙවියනේ අම්මා කෙනකු නින්දට යන්න පෙර තමන්ගේ ළමයි ඉන්න හැටි හොයලා බලන්නේ නැත්තේ? මෙහි වැඩි විස්තර ලියන්න අමාරුයි.ඒ නිසා වැඩිහිටියනි, ඔබේ දරුවා පිටස්තර හෝ පවුලේ අවිශ්වාස අය සමඟ යවන්න එපා.නිවසේ තනිවම දමන්න එපා. (නි)
අනේ ගෝඨභය ඔබ හිටියානම්...(බ)
අර යාපනයේ සිද්ධියට වගේම මේ කාරණාව ගෑනත් සොයාබලා දඬුවම් දෙන්න (නි)
පිවිතුරු යහපාලට පිස්සුද? මෙච්චර සන්වේදී වෙලාවක ඒකත් දේශපාලනයට ගාවගන්නේ ඇයි? කොයි ආණ්ඩු කාලෙත් මේ වගේ ම්ලේච්ඡ වැඩ සිද්ධවුණා.මේ වගේ තිරිසන් ලෝකෙක දුවේ නුඹ ආපසු නොඉපදේවා! (නි)
අපේ රටට ගැලපෙන්නේ අරාබියේ දඬුවම්.(අ)
පිවිතුරු යහපාල කියන්නේ කල දුටු කල වල ඉහින්න හදනවා. මුළු රටක් දුක් වෙන අවස්ථාවක දේශපාලනේ ගාවගන්න හදනවා. (නදී)
පිටස්තරයෙක් ගෙට ඇවිත් දැරිවිය රැගෙන යාමට ප්‍රධාන හේතුවක් තමයි තම දරුවන්ගේ ආරක්ෂාව ගැන වග කිව යුතු දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම. තම දියණිය ඇඳේ සිටියේ නැත්නම් අඩුම ගනනේ මේ දැරිවිය ඇත්තටම තම මිත්තනිය ගාව නිදි දැයි නැතිදැයි සැක හැර දන ගැනීමට විපරම් කර බලන්ට තිබුනා නේද? සියල්ලටම වැඩිය තමාගේ නින්ද ලොකු උනාද ? ඒ වෙලාවෙම සොයා බලල තිබුනානම් ගමේ අය අවදි කරවා දැරිය බේරාගන්න වැඩි ඉඩ ප්‍රස්ථාවක් තිබුන බවටයි මගේ හැඟීම. මොකද ගෙදර ජනෙල් හැර තියෙන වෙලාවක, අනෙක මේ වගේ සිදුවීම් මෙයට පෙරත් වාර්තා වෙලා සහ පොලිසියෙන් මහජනයා දැනුවත් කරලා තියෙන යුගයක මේ මෝඩ දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම නිසා අහිංසක දැරියකගේ ජීවිතය නැති වුනා. ඇයට නිවන් සුව පතමි. හැබැයි දුවේ, ඔබ මෙවැනි නොසැලකිලිමත් දෙමවුපියන්ට දාව ඉපදෙන්ට එපා දුවේ.
ඇයි මේ දැරිය ගැන හොයා බලා නැත්තේ? මීට කලිනුත් නිදාගෙන හිටි දැරියක් ජනේලයෙන් පැනලා අරගෙන ගිහින් තිබුනා නේද? (නදී)
පිවිතුරු යහපාල කඩේ යන කතා එපා.මේ සිද්දියේ වූ පළමු දිනේ ඒ දරුවාගේ සීයා කතා කරපු විදිය නම් මට ඒ තරම් ඇල්ලුවේ නැහැ.මට දැනෙනවා ඒ සීයා ගෙන් මිට වැඩ යමක් දැනගන්න පුළුවන් වෙයි හැබැයි දෙකක් දීල.මොකද එදා මිනිහ කතා කලේ ඒ සිද්දිය ගැන කලකිරීමකින් නම් නෙවෙයි. මම වැරදි වෙන්න පුළුවන් නමුත් පොලිසියේ මහත් වරුණේ මේ ගැනත් ටිකක් හොඳයි කියල මට හිතෙනවා. (අ)
මෙවැන්නන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ.මොන පළිගැනීමක්ද මේ? මේ අහිංසක කිරිසප්පයෝ මොනවා කරන්නද? (නි)
මේ වරද කළ තැනැත්තාට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්නම ඕනෑ. දුවේ,ඔබට නිවන් සුව පතමි. (නි)
මුන්ව ආයුද පෙන්නන්න එක්ක යන්නම ඕන (බ)