
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන මාවතගම හා ගලගෙදර පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නැවතී සිටියදී අද උදෑසන පොලීසිය භාරයට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
කුරුණෑගල නගරයේ කොරියානු භාෂා පන්තියකට යන බව පවසා ගිය තරුණියක් සිය මිතුරිය සමග අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ මාපියන් ගලගෙදර හා මාවතගම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර තිබුණි.
ඒ අනුව ඔවුන් සොයා ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේය.
මාධ්‍ය මගින් ප්‍රචාරය වු තරුණියන් දෙදෙනා මාතර උයන්වත්තේ නිවසක සිටින බවට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා වෙත ලද තොරතුරකට අනුව ඔවුන් පොලීසිය භාරයට ගන්නා ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස 18ට වැඩි තරුණියන් දෙදෙනකු අල්ලා ඔවුන්ගේ මව්පියන්ට බාර දුන්නේ මොන නීතියක් මතද? ඔවුන් නීතිවිරෝධි ක්‍රියාවක නොයෙදී වෙළඳ සැලක රැකියාවක නියුතුව සිටියා නම් පොලිසිය ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇත.