අතුරුදන් වූ ක්‍යුව්.ඉසෙඩ්. 8501 යානයේ සුන්බුන් ජාවා මුහුදෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ දොරවල් දෙකක කොටස් හමුවූ බවත් ඒවා එයාර් ඒසියා යානයේ කොටස් බවට තහවුරු කැරගත හැකි බවත් ඉන්දුනිසියානු බලධාරීන් පවසයි.
කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනකු සහ මගීන් 155 දෙනකු සමග අතුරුදන් වූ මේ යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි යන විශ්වාසයට අනුව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කැරිණි.
ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ යානය අතුරුදන් වූයේ ඉන්දුනීසියානු ගුවන් සීමාවේදී ය. යානය අතුරුදන් වීමට මොහොතකට පෙර එහි ගුවන් නියමුවා යානය ගමන් මග වෙනස් කිරීම සඳහා පාලක මැදිරියෙන් අවසර ඉල්ලා සිටි බව ද ගුවන් ගමන් පාලන අධිකාරිය පවසයි.
ඒ වනවිට යානය පොළවේ සිට අඩි 32,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇති අතර ගුවන් පථය පැහැදිලි නොමැති බැවින් එය අඩි 38,000ක් ඉහළින් පියාසර කරවීමට අවසර ඉල්ලා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතුරුදන් යානයේ සුන්බුන් ජාවා මුහුදේ