අතුරුදන් වූ ක්‍යුව්.ඉසෙඩ්. 8501 යානයේ සුන්බුන් ජාවා මුහුදෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ දොරවල් දෙකක කොටස් හමුවූ බවත් ඒවා එයාර් ඒසියා යානයේ කොටස් බවට තහවුරු කැරගත හැකි බවත් ඉන්දුනිසියානු බලධාරීන් පවසයි.
කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනකු සහ මගීන් 155 දෙනකු සමග අතුරුදන් වූ මේ යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි යන විශ්වාසයට අනුව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කැරිණි.
ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ යානය අතුරුදන් වූයේ ඉන්දුනීසියානු ගුවන් සීමාවේදී ය. යානය අතුරුදන් වීමට මොහොතකට පෙර එහි ගුවන් නියමුවා යානය ගමන් මග වෙනස් කිරීම සඳහා පාලක මැදිරියෙන් අවසර ඉල්ලා සිටි බව ද ගුවන් ගමන් පාලන අධිකාරිය පවසයි.
ඒ වනවිට යානය පොළවේ සිට අඩි 32,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇති අතර ගුවන් පථය පැහැදිලි නොමැති බැවින් එය අඩි 38,000ක් ඉහළින් පියාසර කරවීමට අවසර ඉල්ලා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කැර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd