හම්බන්තොට පොලිසියෙන් අතුරුදන්වූ බව කියන බඳගිරියේ ජී.ජී.ගයාෂාන් (22) දික්වැල්ලේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් කොළඹ පොලිස් මූලස්ථානයට ගෙන එනු ලැබූහ.
ඔහුගේ මවද විහාරයට පැමිණ සිටියාය. එම තරුණයා දික්වැල්ල දීඝවාළුකාරාම රජමහා විහාරයේ අඹකොළවැව බුද්ධික හිමියන් හමුවට අද උදේ පැමිණි බව ඒ හිමියෝ පැවසූහ.
ඒ හිමියන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට ඒ බව දන්වා කොළඹ වැඩම කළ බවත් පොලිසිය කියයි. එම තරුණයා හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන යනු ලැබීය.
මෙම තරුණයා පසුගිය 5 වැනිදා හම්බන්තොට පොලිසියට රැගෙන ආ පසු අතුරුදන් වී යැයි කියති. ඔහු සමග තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් පොලිසිය ඒ බව සටහන් කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියේ සිව් දෙනකුගේ වැඩ තහනම් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු පොලිසි වලට සී සී ටී වී සවි කරානම් හොදයි.(හේ)
සාමාන්‍ය පුද්ගලයෙක් පොලිසියට බයේ හැංගෙන හේතුව තේරුම් ගන්න පුළුවන්. පොලිසිය අත්අඩංගුවට ගත් කෙනා අතුරුදහන් වුණාම පොතෙන් නම මකන්න හේතුව මොකක් වුණත් මේක සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන බය හිතෙන සිද්ධියක්. දියුණු රටවල වාගේ පොලිසියට ගන්න ඕනෑ බුද්ධි මට්ටමත් බලලා. (නි)
කුමාරගේ අදහස හරි. (නි)
මේකත් පොලිසියේ නාට්‍යයක්ද දන්නේ නැහැ. (හේ)
අනේ මන්ද මේවාට මොනවා කියන්නද කියලා.(හේ)
පුදුම වැඩ වෙන්නේ රටේ (හේ)
අනේ මන්දා අපේ ශ්‍රී ලංකා පොලිසියේ වැඩ! (නි)
මේකට දැන් කවුද වැරැදි.(හේ)
අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ හිටියම ඇති ; ඔහුගේ වචන හැසිර වීම ප්‍රසංසනියයි ; (හේ)
ස්වාමීන්වහන්සේට බොහොම පින් මේ කළ ක්‍රියාවට. (හේ)
මේ වෙන දේවල් දැක්කම හිනත් යනවා.(හේ)
පොලිසිය වැඩ වැරැදීගෙන එන්නේ කියලා දැනගෙන ක්‍රියාකාරී වුනා (හේ)
කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පොලිසියට මොනතරම් අපහාස කලාද.අද ඔය ඉන්නේ දෙයියනේ කියලා කිසිම සීරිමක්වත් නැතුව.(හේ)
මේක නම් කුමන්ත්‍රණයක් (හේ)
සත්‍යය එළියට එයිද? (හේ)
හැබැයි ඒ කොල්ලා අහිංසක පාටයි. නිදොස්කොට නිදහස් කළා නම් හරි. (නි)
මීට පස්සේ වී වගේ දෙයක් හොරකම් කලාම හාමුදුරු කෙනෙක් එක්ක පොලිසියට බාරවෙන්න පුළුවන්. නීති වේදීන් අවශ්‍ය නැහැ (හේ)
එකට නම් පොලිසිය කිසිදාක ඉඩ දෙන්නේ නෑ මොකද ඕවා ඇතුලේ වෙන දේවල් සාමාන්‍ය ජනතාව දන්නේ නෑ (හේ)
මෙම පුද්ගලයාට සහ ඔහු වෙනුවෙන් බොරු ප්‍රකාශ නිකුත් කළ සියලුම දෙනාට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දඩුවන් ලබාදිය යුතුය නැති නම් පොලිස් සේවයේ සේවයට හානියක් (හේ)
නුවන් ඔබ කියපු දේ හරියට හරි.(හේ)
ඉදිරියට අපිට ඇත්ත මොකක්ද කියලා දැනගන්න ලැබෙයි (නි)
ලසන්ත, ඔබ හරියටම හරි. කොච්චර මිනිස්සු පොලිසියට බැන්නද? (නි)
වන සිවුපාවුන් මැද බෝසත් ගුණ ඇත්තවුන්ද සිටිති. කාකි ඇඳුම ඇඳගත් පළියට මිනිසත්බවට නිගාදෙන්නවුන්ට වෙනම අපායක් වෙන් කර ඇත. (නි)
ශාන්ත, ඔබ මෙම තරුණයා දැනටම වරදකරු කර කතාකරන්න එපා. ලංකාවේ පිටිසර ගැමියන් තවමත් පොලිසියකට නිවැරදි වුවත් යන්න බයයි. නීතිවේදීන්ගේ සහාය ඔබට ලබාගන්න හැකියාව තිබුනත් ගමේ සිටින අපිට එකම පිහිට ලොකු හාමුදුරුවෝ හරි පල්ලියේ පියතුමා හරි පමණයි (නි)
ලංකාවේ සිදුවෙන්නේම මෙවන් බොළඳ ක්‍රියා තමයි (නි)
දැන් කාලේ හැටියට පොලිසියට බාරවෙන්න නීතිවේදියෙක්ම අවශ්‍ය නැහැ. පළාතේ පිළිගත් ප්‍රභූවරයෙක් එක්ක යන්න පුළුවන්. (නි)
ශාන්ත, ඔබ මනුස්සයෙක්ද? ඇයි ඔහොම කතාකරන්නේ? (නි)