යුද සමයේ අතුරුදන්වූවත් සම්බන්ධ සාක්කි විභාග කිරීමේ ජනපති කොමිෂන් සභාව අද (13) යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැමිණිලි විමර්ෂණය කරන බව එහි ලේකම් එච්.බී.ගුණදාස මහතා පැවසීය.
කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් නැවත වතාවක් කොමිසම ලබන 18 වැනිදා දක්වා යාපනය දිස්ත්‍රික්කයේ සාක්කි විභාග කරයි.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණය කිරීමේ ජනපති කොමිෂන් සභාව යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර්,යාපනය,කරවෙඩ්ඩි,මරුදන්කේනි,පේදුරුතුඩුව,සන්ඩිලිපායි,සංගානෙයි,උඩුවිල් හා තෙල්ලිපලෙයි ප්‍රාදේශීය කොට්ඨාස වල සිදුවේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පළාත්වලටත් ඔය කොමිසන් තියනවනම් කොයිතරම් හොඳද? (ස)
නුසුදුසු වැඩ කළා නම් ඒවාට ලැබෙන ප්‍රතිඵලය ස්වභාවයෙන්ම ලැබෙනවා. දැන්ඉතින් අපිට කොමිසම් වලින් වැඩක් නැහැ. (නි)
60000ක් අපේ හමුදා සොල්දාදුවන්ගේ දෙමව්පියොත් මේ වගේම කඳුළු බිබී හූල්ල හුල්ලා ඉන්නවා ත්‍රස්තවාදීන් විසින් මරාදමන ලද තම දරුවන් ගැන සිහිකරමින්. (නි)
මේ කොමිසම ගියාට ඒගොල්ලන් කැමති සුද්දෝ ඇවිල්ලා පරීක්ෂණයක් තියනවානම්නේ (නි)
ඉස්සරහටවත් මෙහෙම දෙයක් නොවෙන්න ජාතීන් අතර සහෝදරත්වය අන්‍යොන්‍ය අවබෝධය ඇතිවෙන වැඩ පිළිවෙලවල් වැඩි වැඩියෙන් ක්‍රියාවට නගන්න ඕනේ. මේ විනාශය රටේ නොවුනානම් අද අපේ රට සිංගප්පූරුවක් (බ)
ප්‍රේමලාල්, මෙයාලගේ ඊයෙත් අදත් හෙටත් එකම ප්‍රාර්ථනය ඊළම (නි)