ශ්‍රිලනිපය හා එජාපය එකම කාසියේ දෙපැත්තක් යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද (28) රජරට ගුවන් විදුලියට මීට ස්වල්ප වේලාවකට පෙර සජිවි සාකච්ඡාවකට එක් වෙමින් කීවේය.
මේ නිසා අපේ දරුවන්ට ස්ථාවර රටක් යහපත් අනාගතයක් ලබාදීම සඳහා ජවිපෙ වටා පෙළ ගැසී මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දෙන්නැයි දිසානායක මහතා පැවසුවේය.
“එජාපයත් ශ්‍රිලනිපයත් අවුරුදු 67 ක් රට පාලනය කළා ජනතාවට එදා ආහාර වේල කන්න ලැබුණේ නෑ. ආහාර වේලේ පෝෂණාත්මක ගුණය පහළ වැටී තිබෙන අතර ගොවියාට හරි හැටි ගොවිතැන් කිරිමට අවශ්‍ය පහසුකම් හා නවීන තාක්ෂණය ගොවිතැනට ලබා දිය යුතු බවත් ලංකාවේ වී කිලෝ 1 ක් නිපදවීම සඳහා රු 35.25 ක් වේ. ජපානයේ වැය වන්නේ 11.20 ක් වන අතර වී නිෂ්පාදයේ යෙදවුම් මිල අඩු කළ යුතු බව කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා ළමයින් වඩා ගැනීම වැනි බාල වැඩ රටට ලෝකයට පෙන්වන්න මාධ්‍ය යොදා ගත්තා. මාධ්‍ය නිදහස්ට විශාල තර්ජනයක් පසුගිය රජය සමයේ තිබුණ බව මෙහි දි දසානායක මහතා පැවසුවේය.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම විකල්පය ජ.වි.පෙ. පමණයි. තම තමන්ගේ පුද්ගලික උවමනාවන්ගෙන් තොරව රට ගොඩනැගීමේ සැබෑ උවමනාව ඇත්තේ ඔවුන්ට විතරයි. 67 වසරක් ඔය පක්ෂ දෙකම කරලා තියෙන දේවල් ඇස් පනාපිට පේන්න තියෙද්දි ඇයි තවත් වරද්ද ගන්නේ.(බ)
ඔව්, සීනුව කාසියේ අලියාගේ පැත්තේ.(නදී)
ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්කම අපිට පේනවා ජේවීපී රජයක් යටතේ සිංහල බෞද්ධයාට ස්ථිර ස්ථාවර රටක් කියන එක හීනයක් කියලා. මේ සිංහල දේශයේ එදා ඉදලා තිබ්බ නීතිය හා සම්ප්‍රදාය තමයි රටේ නායකයා බෞද්ධයකු හා සිංහලයකු වීම කියන එක. ඉතිහාසය නොදන්නා ජේවීපී කාරයෝ ඒක වෙනස් කරන්න හදන්නේ කොහොමද ? (නදී)
ජවිපෙ විශ්වාස කළ හැකි පක්ෂයයි (බ)
එහෙම බලලා තමයි 67 ක් ලනු කෑවේ (නදී)
අපිට නම් තේරෙන විදිහට දෙපැත්තේම සීනුව තියන කාසිය, අලියා සාක්කුවේ දමාගෙනය (නදී)
ජේ.වී.පී පොඩි වෙනසයි තියෙන්නේ (නදී)
ඔව් සීනුව අලියාගේ නැට්ටේ ? (නදී)
ඕක දැන් සීනුවක් නෙවෙයි. (බ)
ශ්‍රී ලංකා නිල් කන්නාඩියෙන් බැලුවත් යු එන් පී කොළ කන්නාඩියෙන් බැලුවත් ජේ වී පී අතීතය ගැන පෙනෙන්නේ එකම පින්තුරයයි. ඒකයි රටේ ජනතාව ඔය පක්ෂ දෙක අයියයි මල්ලියි කියල හඳුනාගෙන තියෙන්නේ. තරුණයෝ අවි අරගෙන කළේ මොකක්ද කියන එක ගැන කතා කරන්න කලින් අවි අතට ගත්තේ ඇයිද කියල තේරුම් ගන්න මේ පක්ෂ දෙකම උත්සාහ නොකළේ ජේ වී පී කාරයින්ව නිහඬ කර ජනතාව දිගටම සුරා කන්න බව ජනතාව තේරුම් ගත්ත දවසට. හ්ම්ම් ප්‍රශ්නය තියෙන්නේ ඒ දවස උදාවෙයිද කියන එක. පිළිතුර දුක් විඳින ජනතාව අතේ. (නදී)
අර 87-89 කාලෙට ආපහු යන්න කැමති නම් , ටයර් වල ගිනි තපින්න කැමති නම් ජේ වී පී එකට දෙන්න. එක්සත් ජාතික පක්සේ ෆේස්-බුක් පිටුවේ තියෙන්නේ . ශ්‍රී-ලංකා එකේ සභාපති ගේ පින්තුරේ නේ ? අනේ කාලේ වනේ වාසේ ? (බ)