දකුණු පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 45 කින් අද (11) සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 47 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද දෙකක් පමණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂව ඡන්දය දුන්හ.
දකුණු පළාත් සභා මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් මහ ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ දොළොස්වැනි අයවැය මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත හෙට්ටිආරච්චි. මට මතකයි 80 දශකයේ මුල් භාගයේදී රෝහණ සහෝදරයා කිවුවේ මේ දෙගොල්ලන්ගේ සහජීවනයක් ඇතිවන බවත් ඔවුන්ගේ එකම පොදු සතුරා වන්නේ ජේ.වී.පි. බවත් යන්න. ඔහුගේ එම කියමන අද පැහැදිලිව ඇත. තවද ඉන්දියානු ව්‍යාප්තවාදයද පැහැදිලිවම තහවුරු වී ඇත්තේ ඉන්දියාව ඔවුන්ගේ දකුණු ආසියාතික වෙළඳ පොළේ කොටසක් කරගැනීම නිසාය. (නි)
හරියට කරනවා නම් හැමදේම සම්මත කරගන්න පුලුවන් (නි)
හෙට්ටිආරච්චි ලන්ඩන් වල ඉඳගෙන නියම විප්ලවවාදියෙක් වෙන්න හදනවා. (නි)
සෙබස්තියන් මහත්තයෝ, දේශපාලන පක්ෂයක් විදිහට ලෝකය පුරාම ක්‍රියාත්මක වන එකම සංවිධානාත්මක පක්ෂය තමයි ජවිපෙ කියන්නේ. ලන්ඩන් වල පමණක් නොවෙයි, ලොවේ කොතනත් ජවිපෙ සාමාජිකයෝ රටේ වෙන දේ බොහෝම හොඳින් බලාගෙන ඉන්නවා. (නි)
මේක ඉතින් අපේ රටේ හැටිනේ! (නි)
ඇයි ,නියම විපක්ෂ කණ්ඩායමක් නැද්ද? (නි)
ඔය විදිහට හැමෝම රට ගැන හිතලා වැඩකරනවා නම් ලොකු දෙයක්. (නි)
අපේ මහ ඇමතිතුමා ගොඩක් බුද්ධිමත් කෙනෙක්නේ (ම)
ඕවා සම්මත කරගත්තාට ඡන්දෙදි ජනතාව ඉන්නේ අනෙක් පැත්තේ. (නි)
ජවිපෙ ඉතින් ඕනෑ එකකට විරුද්ධයිනේ. හොඳ එකකට හොඳයි කියන්න දන්නේ නැති කණ්ඩායමක් (නි)
මේ දෙගොල්ලම එකයි කියන එක නවතා නැවතත් ඔප්පුකිරීමක් මේ..රටේ සැබෑ විපක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි.(හේ)