
වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම් කර තිබියදී ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් විසින් මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවනු ලැබ තිබේ.
අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි සමිති, කාන්තා සමිති සදහා ප්ලාස්ටික් පුටු, හට් සහ කෘමිනාශක දියර ඉසින යන්ත්‍ර මෙසේ බෙදාදීමට කටයුතු යොදා තිබී ඇත.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති අතර හට් පුටු යනාදිය මෙම භාණ්ඩ ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස එම ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් වෙත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබී ඇත.
මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ මිලදී ගෙන ඇති භාණ්ඩ රැසක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ස්වේච්ඡා සංවිධාන රැසකට බෙදාදීමට කටයුතු යොදා ඇති බවට ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්ට කරන ලද පැමිණිල්ලකට අනුව භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රවර්ධනයට යොදා ගැනීම ..නින්දිතයි.
මෙහෙම විවිධ ප්‍රදේශවල විවිධාකාරයෙන් රජයේ මුදල් නැත්නම් ජනතා මුදල් භාණ්ඩ බෙදාහැරීම නිසා උපරිමයෙන් නාස්ති වෙනවා සමහර සමිති හතු පිපින්නා වගේ ඇතිවෙනවා නැතිවෙනවා භාණ්ඩ නාස්ති වෙනවා නැත්නම් හිටපු නිළධාරි පුද්ගලික දේපළ ලෙසට පරිහරණය කරනවා බලන්න කෙනෙක් නැහැ මෙහෙම දේවල් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන දේවල් නොව දේශපාලුවො පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා කරන දේවල් පමණයි මම අත් දැකීමක් කියන්නම්කො එක මිනිහෙක් දේශපාලුවො පස්සෙ ගිහිල්ලා එක සමිතියකට ෆ්ලාස්ටික් පුටු 25 ක් ලබා ගත්තා ඉන් පස්සෙ මිනිහා කියනවා මට අදසිට සමිතියේ යාවජීව සාමාජිකත්වය සමග සියලු වරප්‍රසාද අවශ්‍යයි කියලා අන්තිමේ සියලු දෙනාම විරුද්ධව සිටියා සමිතිය වැසී ගියා ඔන්න ඔහොමයි වැඩ ,එනිසා කුමන රජයක් යටතේ වත් මේ අනවශ්‍ය වියදම් නොකිරීමට කටයුතු කරන්න ඕන
බොහෝ දෙනකුගේ ආසන අහිමි වීම ළඟදීම සිදුවන නිසා මේ පුටු බෙදාගන්න ඉඩ හරින්න
ඔන්න ඔබ ගෙවන බදුුවලට අත්වන ඉරණම. ඉතින් බදු අඩු කළ නොහැකි යැයි කියන්නේ මේ නිසයි. විනිවිද පෙනෙන බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එන් පී පියට බලය දෙන්න...