අගනුවර තරුණ කවි සමාජයේ (අ.ත.ක.ස) 81 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි.
ජනපති එහිදී කවි කථාවක් කළේය.
අතකස අබිමන් සම්මානිත හරසර පිදුම් සම්මාන ප්‍රදානෝත්සවය ද පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හලලියේ කරුණාතිලක, විමල් රූබසිංහ, සරත් විමලසිරි යන මහත්වරු කිවිපති පදවියෙන් ද දිමිත්‍රා රත්නායක මහත්මිය ගීපති පදවියෙන්ද කිවියර පිදුම් ලැබූ අතර විමලසිරි පෙරේරා අනුස්මරණ සම්මානය අනුරාධ හිරිපිටියගේ මහතාට ද නර්තනපති සම්මානය චන්දන වික්‍රමසිංහ මහතාටද මහාකවි බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා අනුස්මරණ සම්මානය මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහතාට ද කිවිපති සේසිරි විජේසේකර අනුස්මරණ සම්මානය සහන් රන්වල මහතාටද කිවියර විල්සන් හෑගොඩ අනුස්මරණ සම්මානය මාධ්‍යවේදී ගාමින්ද ප්‍රියවිරාජ් මහතාටද හිමිවිය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා බොහොම සරල මහත්මයෙක්. තැනට සුදුසු ආකාරයට වැඩ කරනවා. සරල බව ඕනෑම මිනිසෙකුට වටිනවා. ජය වේවා! (නි)
ලංකාවේ නාට්‍ය කලාව හොඳටම දියුණු වෙනකොට අර ඩෙස්මන් සිල්වා කීවා වගේ අන්තිමට "ඔන්න බොලේ අාවා අලුත් තාලේ ඇඟේ නෑ ඇදුම්" අඩ නිරුවතින් තරුණ තරුණියන් නටවන එකද ලංකාවේ කලාව? (බ)
ඔබතුමා කවි කියනවා. අපි මෙහේ හූල්ලනවා (නි)
මෙවන් නායකයින් රටකට වාසනාවන්! (නි)
අනේ හරිම සරලයි. හැබැයි පොඩ්ඩක් අද පත්තර බලන්නකෝ. (නි)
වනේ ගිජිදාය දුටුවොත් වනසාය... ළිඳේ පනිදාය වැටුනොත් ඌ කාය... අතකින් කරවලකි, අතකින් දඬුබෑය... මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය... (නි)
මෙතුමලාගේ කවි අහලා දැන් අපිට ඇතිවෙලා (නි)
ඔබතුමා සින්දු අහ අහා කවි කිය කියා ඉන්න. රටට ජනතාවට මොනවා වුණත් කමක් නැහැ. ඔබතුමා සතුටින්නේ. (නි)
එතුමලා කවි කියනවා. අපි ශෝක ගීත කියනවා (නි)
හැමදාම මෙහෙම කවි කිය කියා ඉන්නකෝ (නි)
රෝමය ගිනිගනිද්දී නීරෝත් වීණා වැයුවලු! (නි)
ඔබතුමා තව කවි කියන්න. ජනතාව සැපෙන් සනීපෙන් සිටීවි (නි)
දැන් විශේෂ ප්‍රකාශ කවියෙන් කියන්නේ. ජනතාවත් වැඩි දේවල් ඉල්ලන්නේ නැතුව මේ කවි අහල ඉන්න.(ම)
යන දුර යනු මැනැවි ඔරු කඳ බදාගෙන... හඳුනා බොර වතුර නිල් දිය බෙදාගෙන... එන සැඩ සුළං සහ එන දෙස බලාගෙන... දිරියෙන් ඉදිරියට යනු ජය පතාගෙන... (නි)