මොරටුව පොළ පාරේ ඉදිකිරීම් නවාතැන් පොළක වැඩබිම් සේවකයකු වන කල්මුනේ ඩබ්ලිවේ විවේකා නන්ද (50) හිටි ගමන් අතුරුදන් වී ඇතැයි මොරටු පොලිසිය කියයි.
ඔහු නිදා සිටි කාමරයේ කාඩ්බෝඩ් කැබැල්ලක ලේ පැල්ලමක්ද, ලේ සහ හිසකෙස් සහිත මිටියක්ද ඔහුගේ ඇඳ ළඟ තිබූ බවත් සිකුරාදා රාත්‍රියේ සිට මොහු සොයා ගැනීමට නැති බවත් බොල්ගොඩ වැව පැත්තේ දැලකින් ඔහු වැවට වැටුනේදැයි සැකකරන බවත් පොලිසිය පවසයි.
ඔහුගේ බෑගය හා මුදල් පසුම්බියද සොයාගෙන ඇත.
ඔහු සමඟ සිටි පෙදරේරුවෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් චරිත් ද සිල්වා මූලික මරණ පරික්ෂණය පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd