පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් එය වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 28 වැනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ,ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවු අතර එහිදී පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට අමාත්‍ය මණ්ඩලය සංශෝධන සිදුව ඇති හෙයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ද ඇතුළත් කළ යුතු බවයි.ඒ සඳහා කල් ලබා දෙන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබීමට හා සංශෝධිත පෙත්සම් ඉදිරිපත් කිරීමට අවසර ලබාදීමටද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සක්‍රියව යුද බිමේ ඉඳගෙන යුද්ධය අවසන් කරමින් හමුදාවට නායකත්වය දුන් යුද විරුවා. (ර)
මහලොකු කම පෙන්නුවට බය නැහැ කියල , දැන් බයයි වගේ (බ)
එතකොට තමන් වරදක් කර තිබුණොත්? (නි)
වරදක් කර ඇත්නම් දඩුවම් විදිය යුතුයි. (ර)
ඔහුගේ පැත්තෙන්,හදවතට එකඟව ඔහු නිර්දෝෂී කියා සිතෙනවා නම්,එවන් තත්වයක් යටතේ දිනකට හෝ අත් අඩංගුවට පත් වුණොත් එය ඔහුට වේදනාකාරී වන්නට ද පිළිවන.ඇතැම් විට ඒ නිසා වන්නට ඇති අත් අඩංගුවට පත් නොවී සිටීමට මෙතරම් නීතියේ පිහිට පතන්නේ.අපි බලමු මොනවද වෙන්නේ කියල!(ම)
මෙන්න මෙයා බය වෙලා. (ස)
සෝබා හරි. (නි)
මම ගෝඨාට කවදත් ගරුකරනවා (නි)
කුම්බලා මාළු කෑවනම් වද විඳපන් බළලෝ. (ස)
නීතිය සැමට සමාන විය යතුය. (ර)
ගෝඨා වරදක් කර නැත්නම් මොනවට බයවෙනවාද? (නි)
යුද්දේ දිනපු ගෞරවය හොරකම් කරන්න දුන්න ලයිසන් එකක් නෙමෙයි..(බ)
යුද්දය සදහා එතුමාට හිමි ගෞරවය ලබාදිය යුතුයි, නමුත් යුද්දය මුල්‍ය වංචා පටලවා ගන්න එක නම් හොද මදි.(ම)
අද පොලිසීය අත්අඩංගුවට ගැනීම් කිරීම ගැටලු සහගත නැද්ද (ම)
තිලක්-ඩුබායි ඉන්න තිබුනේ ඩුබායි නොවේ ඇමෙරිකාවේ. (ර)
මේක තමයි රට. යුද්දය ඉවර කළා කියල වැරදි වැඩ කරන්න වරමක් ද? (ස)
ඔය දේවල් ගණන් ගන්න එපා.(හේ)
මේ ඔක්කොටම හේතුව යුද්ධය ජය ගැනීමයි. (ර)
මේ මිනිසාට අත තබා සාපලත් ජාතියක් නොවෙමු .කොඳු නාරටි නැති පර ගැත්තනි මේ ගැන සිතා බලවු ....! (බ)
සරත් ෆොන්සේකාට නම් ඔය මොන ඓතිවාසිකමක් වත් තිබුනේ නෑ. (ර)
බලයේ ඉන්න කාලයේ ඔහු කටයුතු කළේ දැලිපිහිය අතට ගත වඳුරා වගෙයි. ඔහු හොඳක් නොකළාමය කියලා කියන්න බැහැ. එහෙත් කරලා තියන වැරදි ඊට වඩා බරපතලයි වගේ පෙනෙන්නේ. පොල්පොට් සහ ඉයන්සාරි අනුගමනය කරපු කෙනෙක්. ජනරාල් සරත් ෆොන්සේකාට කරපු හතුරුකම් පල දෙන්ඩත් එපැයි ! (බ)
තිලක් -ඩුබායි , පිවිතුරු යහපාල කියන එකක් නම් ඇත්ත. දෙවෙනි කරුණනම් ඇත්තක් වගේ කියන්න ගියාට මටනම් පේන්නේ බොරුවක්ම කියලයි. මේනිසා පිවිතුරු යහපාලව ආදර්ශයට ගන්න කියන්නත් බැහැ. (අ)
පිටිගල-මිලානෝ, ඔබ කියන දේ නිවැරදි වුනත්, එය පිළිගැනීමට තරම් යම් ජනතාවක් රටේ දැනුවත් නොමැති එක කණගාටුවට කරුණකි. (හේ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
හැමදාම රජවරු බිසෝවරු,කුමාරවරු,රජාගේ සහෝදරවරු,ඒ සහෝදරයන්ගේ බිසෝවරු රටේ රජ කරනවා කියලයි හිතාගෙන හිටියේ. (බ)
රාජ්‍ය සේවකයෙකුට පුලුවන්ද රුපියල් කෝටි 2000 ක් වියදම් කරලා මිනීකන මෝරු ආදරේට කියල ඇති කරන්න? (බ)
රටම නිදහස් කර දුන්නු ජාතික විරයව හිරේ යවල,ඒ ජාතික වීරයාට හරියට කන්න අදින්න වත් දෙන්නේ නැතිව පිළුණු වුන කෑම බෙලෙක් පිගානේ කනකොට,ජාතික විරය ජම්පරයක් ඇදගෙන හිරේ දුක් විදිනකොට අපි නම් සත්තකින්ම දුක් වුනා ශාප කළා..ඒ ශාපය තමයි දැන් පල දෙන්නේ. (බ)
අනිවාර්යෙන්ම දැන්වත් රටේ පොදුවේ සලකන නීතියක් තිබෙනවා කියල පෙන්වන්න. (බ)
ජෙනරල් සරත් ෆොන්සේකා නොහිටින්න කරයි යුද්ද? (බ)
දුක සැප නීති පෙරලේ - රිය සක ලෙස ලෝකේ (බ)
කුමන හෝ හේතුවකට ගෝඨා අත්අඩංගුවට ගන්නා තුරු නින්ද නොයන අය මේ කුහක සමාජයේ ඉන්නවා. (ර)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)
හැමෝම අපරාධ කරලා අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි ගියොත් රටේ නීතියක් නැතිවෙනවා. මේවාට ඉඩනොදිය යුතුයි. (නි)
නිතිය කාටත් එක සමානව විය යුතුයs (ම)
යුද්ධය දිනන්න දායක වුවන් අතර ඔබ එක්කෙනෙක් පමණයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , මහින්ද රාජපක්ෂ, දහසක් සොල්දාදුවෝ, හිටපු රාජ්‍ය නායකයෝ, ඉවසීමෙන් සියල්ල විඳ දරාගත් පුරවැසියෝ, ස්වේච්ඡාවෙන් කඳවුරු වල වැඩ කළ වෛද්‍යවරු වැනි මේ සියල්ල එකතු වෙලා තමයි අපට යුද්ධය දිනා දුන්නේ. ඒ අතර ලද නිදහසින් සහ බලයෙන් සොරකම් හෝ මිනී මැරුම් කළේ යයි ඔප්පු වුනොත් ඒවාට අදාළ දඬුවම් විඳිය යුතුය. (බ)
ලැජ්ජයි මේ වෙන දේවල් දැක්කම.(හේ)
ගෝඨා වැනි අය නොසිටින්නට තවමත් යුද්ධය! (නි)
මෝරු හදන්න කෝටි 2000 වියදම් කරලලු..කොහෙන් කඩා පාත් වෙන සිතුවිලිද මන්ද..බොරුවක් කියනකොට ඒක කියපන් බන් ටිකක් හරි ඇත්තක් වගේ පෙන්න. .. ඔහේ ඉදල හම්බ කරලා එවන ඒවායින් නිදහසේ සැප විදින්න රටක් හදල දීපු වරදට ගෝඨාභය මහත්තය හිරේ දාල මදි ...එල්ලන්න ඕන..(බ)
රුසියාවේ යුද හමුදාපති කවුද කියලා දන්නවද? මේ සියලු කරදර යුද්ධය ඉවර කල එකට. රටට සාමය ගෙනාපු එකට. (ර)