මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවීයැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 20 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.
අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න මහත්වරු පෙත්සම සලකා බැලූහ.
වගඋත්තරකරුවන් ලෙස හෝමාගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
ඉකුත් ජනවාරි 25 වැනිදා පෙත්සම්කාර හිමිනම විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ නැමැත්තියට බැන වදින ලදැයි චෝදනා කරමින් පොලිසිය විසින් හිමිනම අධිකරණය ඉදිරියට පමුණුවා රිමාන්ඩ් බාරයට පත්කළ බව පෙත්සමේ සඳහන්වේ.
මෙසේ පෙත්සම්කාර හිමිනම රිමාන්ඩ්බාරයට පත් කිරීම නීතියට පටහැනි බවත් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවද එහි සඳහන්වේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්ද ,මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කාර හිමිනම සිය පෙත්සමින් ඉල්ලා ඇත.
ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ, බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ උගන්වන්නේ රටේ නීතියට ගරු කරමින් විනයක් ඇතුව ධර්මයේ පිහිටන්න කියල නොවේද, ආගම බේර ගන්න සටන් කරන්න කියල අපේ ආගමේ නම් නෑ නේද (බ)
මගේ ධර්මය නැණවතුන්ට පමණක් යැයි බුදුන්වහන්සේ දෙසූ සේක. ඒ දහම ගෙනයන ශාසනය බාරවූ විෂ්ණු දෙවියනි, රටත් සසුනත් බේරාදෙන්න. (නි)
අනේ චීවරයට අගෞරව කරන්න එපා (බ)
එතකොට අහක ඉන්න ගෑනුන්ට බැන්නහම ඒ ගොල්ලන්ගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය කඩ වෙන්නේ නැද්ද? අනේ මන්ද, අපි දැක්ක සමහරු ලබන ආත්මෙදිවත් අත් අඩංගුවට ගන්න බැරිවෙන්න තහනම් නියෝග ඉල්ලනවා. (බ)
ඔබේ රාගී මන. කලාබේදෝ ,,පවිතුරු හදවත පැරේදෝ එමවිට ,,පවසනු ,,මුවින් ඔබේ ,,,,,,,(රේ)
මේක මහා විහිළුවක්නේ. අත්අඩංගුවට ගත්තේ අධිකරණයට බැන අපහාස කළ නිසා නේද? (නි)
මොකද දැන් උසාවියේ පිහිට පතන්න හිතුනේ. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි (නි)
තමන්ට අයිති නැති නඩු බලන්න උසාවි නොගියා නම් මේ මොකුත් නැහැනේ (නි)
අනේ මන්දා හාමුදුරුවනේ මේවා. මොනවා වුණත් අපි ඔබවහන්සේ සමඟ ඉන්නවා (නි)
චතුරි, සමහරුන්ගේ බණ අහද්දී නම් රාගී මන විතරක් නෙමෙයි තවත් ඒවා කැලඹෙනවා තමයි. හැබැයි සමහර මෝඩයින්ට නරින්වත් සිංහයෝ වගේ පෙනෙන එක ගැන තමයි මට නම් කණගාටු. (නි)
එක එක්කෙනාගේ ලණු ගිලලා, බුදු දහමටත් සඟ ගරුත්වයටත් හානි කරලා, ඒ මදිවට උසාවියේ වටිනා කාලයත් කා දමන්න නම් එපා. (නි)
අනේ හාමුදුරුවනේ, මේ ප්‍රශ්න ඉක්මණින් අවසාන කරගත්තොත් නේද හොඳ? (නි)
කඩවෙන්න ඇත්තේ අනෙක් අයට බැනීමේ අයිතිවාසිකම වෙන්න ඇති නේද? (නි)
මෙතැන අදහස් දාලා තියෙන හැමෝම කියන්නේ හාමුදුරුවරු දෙන දානය වළඳලා පන්සලට වෙලා ඉන්න කියලද? රජ කාලේ පටන් පාලකයන්ට උපදෙස් දීලා තියෙනවා. අපි හැමදාම ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා (නි)
පහුගිය කාලේ කුලප්පු වූ සමහර අශ්වයින්ට අං ලැබුනානේ. එ්ක තමයි මේ සේරටම මුල. (නි)
ඔය නීතියටම නේද එයා බැන්නේ, දැන් ඒ නීතියෙන්ම පිහිටක් ඉල්ලනවා, අනේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියනම් සිල් රකින හැටිත් අපහාස ඇතුළු අටලෝ දහමෙන් නොසැලෙන හැටිත් වෙනමම කියල දෙවි (බ)
අපි දැක්ක නේ මේ හාමුදුරුවන්ගේ ගෝලයෝ ටික බොහොම සාමකාමීව උසාවියේ තාප්ප උඩ, උසාවිය ළඟ පාරේ, බන්ධනාගාර බස් එකේ රෝදේ ඉස්සරහ හැසිරෙන හැටි. (බ)