පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාර්තු 16 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) තීන්දු කළේය.
අද එම පෙත්සම කැඳවනු ලැබුවේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී ය.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥයින් අධිකරණයට දන්වා සිටියේ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් කැඳවා ඇති බී වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දීමට හැකි බවයි.
එය සලකා බැලූ අගවිනිසුරුවරයා ඇතුලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව මාර්තු 16 වනදා යළි කැඳවීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාක්‍රම මහත්තයාගේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරනම් අ) අයිතිවාසිකම තිබේ. ආ) අදාළ නොවේ. (බ)
වෙල්ගම මහත්තයෝ, මේකත් ආශිර්වාදයක් ලෙස ගන්න. යන්න හිරේට. ඒ යනකොට මාංචු දාලා ෆොටෝ 3-4ක් ගන්න. ඊළඟ ඡන්දෙදි අපේ ලංකාවේ අයට ඕක අමතකයි. ගහන්න පෝස්ටර් ඒ ෆොටෝ දාලා. උඩින්ම දිනනවා සිකුරුයි. ඕවා හැමෝටම ලැබෙන අවස්ථා නෙමෙයි (නි)
මොකක්ද චෝදනාව ? දැන් සිද්ධ වෙන විදියට ඒකාධිපති පාලනේට සහයෝගේ නොදෙන හැමෝම බොරු චෝදනා හදල හිරේ දාන්න බලනවා ? ජාත්‍යන්තර මානව හිමිකම් වලට පැමිණිලි කරන්න . මෙහෙ උසාවි විශ්වාස කරන්න පුලුවන්ද ? හොඳ සිංහලයන්ට විතරයි මේ ? විල්පත්තුව විනාශ කළ ඇමතිලා හොඳට ඉන්නවා ? මිනිස්සු මේවා දන්නවා (බ)
නියමයි. සාමාන්‍ය අයටත් කියන්න ඕනෑ එයාලවත් අත්අඩංගුවට ගන්න එපා කියලා පෙත්සමක් දාන්න කියලා. කාලයක් මේ අය අත්අඩංගුවට ගන්න ගියාම ලෙඩවෙලා රෝහල් වල ලැගුම් ගත්තා. දැන් මේ සෙල්ලම පටන්ගෙන. (නි)
කලින්ම ගැළපෙන තොප්පිය දාගෙන වගෙයි (නි)
කලින්ම බයවෙලා වගේ. මේවා වැරදි පූර්වාදර්ශ (නි)
මම මොහු හොඳට හඳුනනවා (නි)
මමත් පරාක්‍රම මහතා සමඟයි. අප මේ ගැන දැනුවත් කරන්න. (නි)
වෙල්ගම මහතා මේ බව දන්නා නිසා තමයි පහුගිය කාලේ දැඟලුවේ. ඔය මහින්ද මහත්තයා පස්සේ වැටිලා ඉන්න ගොඩක් දෙනා දැන් බයේ දඟලනවා ඇති ගොඩගත් මාළුවෝ වගේ. (නි)
බලමුකෝ මොනවාහරි කරන්න (නි)
මේ ඔක්කොම මහින්ද එක්ක නැගිටින්න සිටි අයනේ. (නි)
වෙල්ගම මහත්තය නිකං බයවෙනවා. විමල් මන්ත්‍රීවරයාට බුරුල්ලක් ලැබුණේ නැද්ද? වර්තමාන රජය නිල කාලය ගතකරන්න කරන සංදර්ශනයක් මේක. කාටත් කිසිම දඩුවමත් ලැබෙන්නෙම නැ. දැන් බලන්න කාටත් කරදර නැතුව අවුරුද්දක් ඉවරයිනේ. (බ)
යහපාලනෙත් මේ නඩු යට ගහනවාද කියලා සැකයි (බ)
යම් මහාපරිමාණ මුල්‍යමය වංචාවක්, නීතිවිරෝධී හෝ සමාජවිරෝධී හෝ කාර්යයක්, හිංසනයක් හෝ අපචාරයක්, ව්‍යාජ ලියකියවිලි සැකසීමක්, ආගමන විගමන හා විනීමය නීති උල්ලංගනය කිරීමක්, අධිකරණයට අවනත නොවීමක් හෝ අපහාස කිරීමක් වැනි අත්අඩංගුවට ගත හැකි පසුබිමක් ඇති බව හොඳාකාර දන්නා ඕනෑම පුද්ගලයෙකුට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකමක් තිබේද යන්නත්, එසේ නොමැතිනම් දේශපාලනඥයන් වැනි "ප්‍රභූන්ට" පමණක් එවැනි අයිතිවාසිකමක් තිබේද යන්නත් ගැන උගතෙකු හෝ නීතිවිශාරධයෙකු හෝ අපව දැනුවත් කරන්නේ නම් අතිශයින් කෘතඥ වෙමි. (නි)
මොකට බය වෙනවද? ඔය මොකක්හරි අසනීපයක් කියලා රෝහල්ගත වුණා නම් වැඩේ හරිනේ. (නි)
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළක්වීමේ තහනම් නියෝගයක් උසාවියෙන් ලබා ගෙන, පහුගිය සතියේ හොර පාරෙන් විදේශ ගත වුණු බවලතා වගේ මෙයත් එහෙම ශේප් වෙන්න අර අඳිනව වගෙයි. ඉක්මනටම අල්ලලා රට උළු බෝඩිමේ රෝහල් වාට්ටුවකට දැම්මොත් නරකද ? (බ)
යසරත්නේ මහත්තයෝ මොනවා තව බලන්නද. අපි දාඩිය මහනිසියෙන් මාසේ ගෙවන්න හම්බ කරන්නේ. මෙයාල?? තව ඉතින් මොනවා බලන්නද මෙයාල ගැන? (බ)
ඒකාලේ කොහොමද හිටියේ චන්ඩිය වගේ මොකද දැන් බයවෙලා වල්ගේ අස්සේ ගහගෙන. ඕක තමයි කියන්නේ කරනකලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා (බ)
වැරදි කරලා නැත්නම් ඇයි නීතියට බයවෙන්නේ? (නි)