(නිමන්ති රණසිංහ)

වැරදීමකින් තම ජංගම දුරකතනට ලැබුණු පෙම් යුවළකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට යොමුකරන බවට තර්ජනය කරමින් රුපියල් හයසිය පනහක දුරකතන බිලක් (රීලෝඩ් එකක්) ලබාගත්තැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගොවියකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ගොටුවෙල, ඇල්ල පදිංචි නිශ්ශංක රුවන් ජයවීර නැමැත්තාය.

තමාගේ සහ තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ දර්ශන කිහිපයක් වැරදීමකින් සැකකරුගේ ජංගම දුරකතන අංකයට ගොස් තිබූ බවත් එහිදී එම තැනැත්තා දිගින් දිගටම ඒවා අන්තර්ජාලයට යොමු කරන බවට තර්ජනය කරමින් තමන්ගෙන් මුදල් ඉල්ලූ බවත් සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ තරුණයෙකි.