
( රොමේෂ් මධුෂංක)
වව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පැවසීය.
මළසිරුර පිළිබඳව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව ඊච්චන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් අදාල වැවට ගොස් මළසිරුර ගොඩට ගැනීමට කටයුතු කරන ලදි.
සොයාගත් කාන්තා මළසිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ අත් දෙක සහ එක් පාදයක් නොතිබූ බවටද අත් දෙක හා පාද යමෙක් විසින් කපා ඇතැයිද සැක පල කරන හෙයින මෙය ඝාතනයක් විය හැකි බවටද පොලීසිය සැක පල කර සිටියි.
එමෙන්ම කාන්තාවගේ සිරුර ස්ථාන රැසකින් සතුන් විසින් කා දමා ඇති හෙයින් හඳුනා ගැනීමටද අපහසු වන අතරම මෙම මළසිරුර දින කිහිපයක් තිස්සේ මෙලෙස ජලයේ තිබී ඇතැයිද පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අත් පා නොමැති කාන්තා මළ සිරුරක් වැවක