දර කපද්දී අත කැපී ගිය රංජන් හරීස් (10) සිසුවා අද (23) විශේෂ පහසුකම් යටතේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.හේරත් මහතා පැවැසීය.
එල්බඩ දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නෝර්වුඩ් හි එල්බොඩ වතුයායේ පදිංචි සිසුවා පසුගිය 20 වැනිදා දහවල් වම් අතේ ඇඟිලි වලට යාබදව ඒ අසලින් වෙන් වන්නට කැපීම නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරිණි.
විභාග කොමසාරිස්ගේ අනුමැතිය මත සරසවිඋයන විදුහලේ විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය රෝහලේදී අද නියමිත වෙලාවට සිසුවා විභාගයට පෙනී සිටියේය.
පේරාදෙණිය රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥය එම්.ජේ .සුරවීර මහතා ප්‍රකාශ කළේ දරුවාගේ වම් අතේ ප්‍රධාන රුඩිර නාල දෙක ඉතිරි වන්නට අතේ වළලුකර අසලින් අස්ථිය සම්පුර්ණයෙන්ම කැපී ඇති බවත් මුලික ප්‍රතිකාර කර කම්බියක් යොදා අත සකස්කර ඇති අතර තව සතියකින් ශල්‍යකර්මයක් සිදුකර අත සකස්කිරීමට නියමිත බවයි.
සිසුවාගේ පියා තම දරුවාට සහයෝගය ලබා දිමට කටයුතු කළ පේරාදෙණිය රෝහලේ කාර්ය මණ්ඩලයටත් සැත්කම සිදුකළ වෛද්‍යවරයාටත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ හා විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන්ටත් විශේෂ ස්තුතිය පුද කළේය.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - චමිල් රූපසිංහ
වීඩියෝ - චමිල් රූපසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔයාට දළදා සමිදුගේ පිහිටෙන් විභාගය සමත් වෙන්නත් ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා (ම)
අතත් ඉක්මනින් සනීප වී විභාගයෙනුත් සමත් වේවා. දරුවාට පිහිට වූ අයගේ දරුවන්ට යන යන තැන හරි යන්න ඕන. (ම)
දරුවාට පිහිට වූ අයගේ දරුවන්ට යන යන තැන හරි යන්න ඕන. (ම)
දරුවන් ගැන නියම හැගීමක් ඇති දෙවිවරු බදු මිනිසුන් තවමත් අප අතර සිටින බව මින් හොඳට පේනවා. ඔබලා සියලු දෙනාටත් මේ දරුවාටත් නිරෝගී යහපත් අනාගතයක් උදාවේවා! (ම)
දරුවන් ගැන නියම හැගීමක් ඇති දෙවිවරු බදු මිනිසුන් තවමත් අප අතර සිටින බව මින් හොඳට පේනවා. ඔබලා සියලු දෙනාටත් මේ දරුවටත් නිරෝගී යහපත් අනාගතයක් උදාවේවා! (ම)
ඇසට කඳුළු ඉනුවෙමි. සියල්ලන්ටම බෙහෙවින් ස්තුතියs (ම)
බොහොම සංවේදී මිනිසුන් අප අතර තවම සිටිනබව මෙය කියවන මටද හැගුණි, මේ තමා නියම ලාංකිකයෝ පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා විභාගයෙනුත් ජය ලැබේවා. (නදී)
වෙදකමින් ඔබ්බට ගිය මනුශෂත්වය සහ දරු සෙනහස ලොවටම කියා දෙන කදිම උදාහරණයකි. මෙවැනි සත් ක්‍රියාවන් කල උතුමන්ට සැබවින්ම ගරුබුහුමන් දැක්විය යුතුය. ඔබ සියලු දෙනාට ගොඩක් පින්. මේ පුතාට ඉක්මන් සුව ලැබෙන්න කියා අප ප්‍රර්ථනා කරමු. ඒවගේම විභාගයෙන් උසස් ප්‍රතිපලයක් ලැබෙනු ඇතයි අප විස්වාශ කරමු. තවද දරුවන් පිලිබඳව දෙමාපියන් මනා අවදානයක් යොමු කරන්නේ නම් මෙවැනි අනතුරු වලක්වා ගත හැක (නදී)
දරුවන් ගැන නියම හැගීමක් ඇති දෙවිවරු බදු මිනිසුන් තවමත් අප අතර සිටින බව මින් හොඳට පේනවා. අධ්‍යාපනයේ අගය දන්නා උගත් වේද, හෙද කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය. (නදී)