IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අත කොටා යළි රිමාන්ඩ්

දැරණියගල නූරිය වතුයායේ වතු අධිකාරි එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඒ මහතාගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ සැකකරුවන් දෙදෙනෙකු රටින් පිටවීම වැලැක්වීමට පියවර ගන්නා ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩි.එච්.අනුෂ්ක සෙනෙවිරත්න මහතා ඔවුන් රටින් පිටවීම වැළැක්වීමට සුදුසු පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට අද (02) නියෝග කළේය.

අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොටා ඇතුළු  සැකකරුවෝ 21 දෙනා මහෙස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබුහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇති ටී.ඩබ්ලියු. දිනේෂ් චතුරංග නොහොත් පැතුම්   හා තරිදු ධනංජය හෙවත් ලොකු සුදු යන සැකකරුවන් තැන්න් තැනට පලා යමින් සැගවී සිටින බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරුවන් 21 දෙනා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයිද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 



අදහස් (0)

අත කොටා යළි රිමාන්ඩ්

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 02 September 2013 07:46 PM

අපේ රටේ නීතියේ තිබෙන්නාවූ අඩු පාඩුවක් ද නැත්නම් නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම තමා මෙවැනි දරුණු අපරාධ කරන්න මිනිසුන් පසුබට නොවන්නේ. මිනීමරලා දින 14 කින් කෙසේ හෝ නිදහස් විය හැකිය කියන විශ්වාසය ඔවුන් තුල තිබෙනවා. දේශපාලන රැකවරණ ලබාගෙන ඔවුන් නිදැල්ලේ සිටිනවා. ඒ මදිවට තව තව අපරාධ වලට සම්බන්ධ වෙනවා. කිසිම රැකවරණයක් නොමැති අහිංසක මිනිසුන්ට මොවුන් විශාල තර්ජනයක් වෙනවා. මොන බලතල තිබුනත් අහිංසක ජීවිත විනාශ කිරීමට කිසි කෙනෙකුට කිසිම අයිතියක් නොමැත. අපට තවත් බුද්ධිමත් වටිනා අවංක නිලධාරියෙක් නැතිවුණා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 02 September 2013 07:57 PM

ඡන්දෙ ඉවර වුනහම බලමුකෝ මේ කට්ටිය ඇතුලේද එලියේද කියලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 September 2013 02:44 PM

මේ විදියටම මේ මනුස්සයා මරන්න කලින් නීතිය ක්‍රියාත්මක වුනා නම් අදටත් වතු අධිකාරී ජීවත් වෙනවා. (ස)

:       0       0

විරාජ් සම්පත් Monday, 02 September 2013 03:05 PM

මේ මිනිස්සුනට මරණ දඩුවම දෙන්න ඕන. නැත්නම් ආයෙත් ඇවිත් කරන්නේ අසරණ මින්ස්සුන්ට ගහන එක.ඉක්මනින් මරණ දණ්ඩනය ගේන්න. (ස)

:       0       0

කුමාරි Monday, 02 September 2013 03:13 PM

එවන්න එපා එළියට මෙයාලව (නි)

:       0       0

ධනංජය Tuesday, 03 September 2013 12:53 PM

වටිනා ජීවිතයක්, කෙලින් වැඩ කරන මිනිහට ඔය ටික තමා අන්තිමේ, මේ කාලකණ්ණි රැළට යන තැනක හොඳක් නම් වෙන්න එපා. (ස)

:       0       0

සිසිර Monday, 02 September 2013 10:07 PM

කෝ එතකොට අර උදව් දුන්න ප්‍රාදේශීය දේශපාලඥයා? වැඩක් නැහැ මහත්තයෝ මේ රටේ නීතිය? කොතැනත් පොඩි මිනිහා තමා තැලෙන්නේ (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 02 September 2013 11:17 PM

මිනීමැරීම් , මංකොල්ලකෑම් , අපරාධ තුලින් රට ගිනිගන්න මෙවැනි කාලයක මෙවැනි අපරාධකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි. අතකොටාට මෙය අනිවාර්ය කළ යුතුයි (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 03 September 2013 12:34 AM

උපාලි,එහෙනම් ඔහේ කියන්නේ මොවුන්ව එලියට දාලා ආයිමත් මිනීමැරුම්,මංකොල්ල,ස්ත්‍රී දුෂණ,ආදිය කර කර ඉන්න දෙන්න කියලද? (නි)

:       0       0

උපාලි Monday, 02 September 2013 04:13 PM

විරාජ් සම්පත්, පව් සිද්ධ වෙන කතා කියන්න එපා. අපි හතර පෝයට සිල් ගන්න කට්ටිය. අපිට බෑ මිනිස්සු එල්ලන්න. ආයුධ පෙන්නන්න එක්ක යන්නත් දැන් පරක්කු වුණා වැඩියි. අනික 21 දෙනෙක්! (ස)

:       0       0

නිමල් Tuesday, 03 September 2013 12:48 AM

මේ දේවල් වල මුල හරියට හොයලා බැලුවොත් සබරගමුවේ ‍ලොකු ඇත්තෙක් තමා වගකියන්න ඕනෑ (නි)

:       0       0

කුමාර් Tuesday, 03 September 2013 02:56 AM

අනාගතයේ රට භාරගන්න ඉන්න කට්ටියට අපහාස කරන්න එපා (නි)

:       0       0

රනිල් Tuesday, 03 September 2013 02:41 PM

මෙන්න මිනී මස් කන නියම මල පෙරෙත්යෝ. මුන් ටික තමා දැරණියගල වනසපු මැරයෝ ටික. (ස)

:       0       0

උපාලි Tuesday, 03 September 2013 07:09 AM

සෙන්තිල්, ඔබට තේරුනේ නැහැ නේද? විරාජ්ට නම් තේරෙන්න ඇති. (නි)

:       0       0

රෝහණ Tuesday, 03 September 2013 09:05 AM

අනේ පව් එහෙම කියන්න එපා. ඒගොල්ලෝ වගේ අය නැත්නම් කොහොමද මේ ගොල්ලෝ රජ කරන්නේ.පව් අත කොට අහිංසකයා. (ස)

:       0       0

අචිනි Monday, 02 September 2013 06:11 PM

මේ අයටත් විශේෂ සමාවක් ලැබෙයිද? (නි)

:       0       0

නාලක Tuesday, 03 September 2013 10:24 AM

මාරු පෝලිම බලන්න ලස්සනයි යන අපුරුව.අපතයෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site