දැරණියගල නූරිය වතුයායේ වතු අධිකාරි එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඒ මහතාගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ සැකකරුවන් දෙදෙනෙකු රටින් පිටවීම වැලැක්වීමට පියවර ගන්නා ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩි.එච්.අනුෂ්ක සෙනෙවිරත්න මහතා ඔවුන් රටින් පිටවීම වැළැක්වීමට සුදුසු පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට අද (02) නියෝග කළේය.
අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොටා ඇතුළු සැකකරුවෝ 21 දෙනා මහෙස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබුහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇති ටී.ඩබ්ලියු. දිනේෂ් චතුරංග නොහොත් පැතුම් හා තරිදු ධනංජය හෙවත් ලොකු සුදු යන සැකකරුවන් තැන්න් තැනට පලා යමින් සැගවී සිටින බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් 21 දෙනා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයිද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නීතියේ තිබෙන්නාවූ අඩු පාඩුවක් ද නැත්නම් නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම තමා මෙවැනි දරුණු අපරාධ කරන්න මිනිසුන් පසුබට නොවන්නේ. මිනීමරලා දින 14 කින් කෙසේ හෝ නිදහස් විය හැකිය කියන විශ්වාසය ඔවුන් තුල තිබෙනවා. දේශපාලන රැකවරණ ලබාගෙන ඔවුන් නිදැල්ලේ සිටිනවා. ඒ මදිවට තව තව අපරාධ වලට සම්බන්ධ වෙනවා. කිසිම රැකවරණයක් නොමැති අහිංසක මිනිසුන්ට මොවුන් විශාල තර්ජනයක් වෙනවා. මොන බලතල තිබුනත් අහිංසක ජීවිත විනාශ කිරීමට කිසි කෙනෙකුට කිසිම අයිතියක් නොමැත. අපට තවත් බුද්ධිමත් වටිනා අවංක නිලධාරියෙක් නැතිවුණා. (නි)
ඡන්දෙ ඉවර වුනහම බලමුකෝ මේ කට්ටිය ඇතුලේද එලියේද කියලා (නි)
මේ විදියටම මේ මනුස්සයා මරන්න කලින් නීතිය ක්‍රියාත්මක වුනා නම් අදටත් වතු අධිකාරී ජීවත් වෙනවා. (ස)
මේ මිනිස්සුනට මරණ දඩුවම දෙන්න ඕන. නැත්නම් ආයෙත් ඇවිත් කරන්නේ අසරණ මින්ස්සුන්ට ගහන එක.ඉක්මනින් මරණ දණ්ඩනය ගේන්න. (ස)
එවන්න එපා එළියට මෙයාලව (නි)
වටිනා ජීවිතයක්, කෙලින් වැඩ කරන මිනිහට ඔය ටික තමා අන්තිමේ, මේ කාලකණ්ණි රැළට යන තැනක හොඳක් නම් වෙන්න එපා. (ස)
කෝ එතකොට අර උදව් දුන්න ප්‍රාදේශීය දේශපාලඥයා? වැඩක් නැහැ මහත්තයෝ මේ රටේ නීතිය? කොතැනත් පොඩි මිනිහා තමා තැලෙන්නේ (නි)
මිනීමැරීම් , මංකොල්ලකෑම් , අපරාධ තුලින් රට ගිනිගන්න මෙවැනි කාලයක මෙවැනි අපරාධකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි. අතකොටාට මෙය අනිවාර්ය කළ යුතුයි (නි)
උපාලි,එහෙනම් ඔහේ කියන්නේ මොවුන්ව එලියට දාලා ආයිමත් මිනීමැරුම්,මංකොල්ල,ස්ත්‍රී දුෂණ,ආදිය කර කර ඉන්න දෙන්න කියලද? (නි)
විරාජ් සම්පත්, පව් සිද්ධ වෙන කතා කියන්න එපා. අපි හතර පෝයට සිල් ගන්න කට්ටිය. අපිට බෑ මිනිස්සු එල්ලන්න. ආයුධ පෙන්නන්න එක්ක යන්නත් දැන් පරක්කු වුණා වැඩියි. අනික 21 දෙනෙක්! (ස)
මේ දේවල් වල මුල හරියට හොයලා බැලුවොත් සබරගමුවේ ලොකු ඇත්තෙක් තමා වගකියන්න ඕනෑ (නි)
අනාගතයේ රට භාරගන්න ඉන්න කට්ටියට අපහාස කරන්න එපා (නි)
මෙන්න මිනී මස් කන නියම මල පෙරෙත්යෝ. මුන් ටික තමා දැරණියගල වනසපු මැරයෝ ටික. (ස)
සෙන්තිල්, ඔබට තේරුනේ නැහැ නේද? විරාජ්ට නම් තේරෙන්න ඇති. (නි)
අනේ පව් එහෙම කියන්න එපා. ඒගොල්ලෝ වගේ අය නැත්නම් කොහොමද මේ ගොල්ලෝ රජ කරන්නේ.පව් අත කොට අහිංසකයා. (ස)
මේ අයටත් විශේෂ සමාවක් ලැබෙයිද? (නි)
මාරු පෝලිම බලන්න ලස්සනයි යන අපුරුව.අපතයෝ (ස)