ඇල්පිටිය පිටුවල අඩාහැලෙන දොළ අසල තරුණයකු හා තරුණියක පහරදී හා ගෙළ සිරකර මරා දමා ඇතැයි පොලිසිය සැක කරයි.
ඉරිදා (14) උදේ ඔවුන්ගේ සිරුරු සොයා ගැනිණි.
දෙසැම්බර 11 වැනි දා උදේ හතත් දෙසැම්බර 13 වැනි දා උදේ 11ත් අතර මෙම ද්විත්ව ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මියගොස් ඇත්තේ එච් පී ඒ ජයසංඛ (21) නම් යුද හමුදා දෙබළකු සහ 18 හැවිරිදි තරුණියකි.
ඔවුන්ගේ මළසිරුරු අසලින් වස කුප්පියක් හමුවූ අතර මෙය සියදිවි නසාගැනීමක්යැයි පෙන්වීමට වස කුප්පියක් තැබුවාදැයි පොලිසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජෝඩු හුදකලා තැන්වලට නොයා යුතුයි. එවැනි තැන්වලට එන කණ්ඩායම් තරුණිය ඉල්ලුවම තරුණයට සිද්ධ වෙනවා තරුණිය බේර ගන්න සටන් කරන්න .අන්තිමට දෙන්නවම මරල දානවා .මේවා තරුණ තරුණියෝ තේරුම් අරන් වැඩ කළ යුතුයි (බ)