පසුගිය දිනක වෙරෝනා නගරයේ විදුලි කණුවක් තාප්පයක් පාසා සිංහල අත් අකුරෙන් ලියවුණු පත්‍රිකාවක් අලවා තිබුණි.
වෙරෝනා ජිවත් වන ශ්‍රී ලාංකික පිරිමියකු හට තම දරුවන් දෙදෙනා බිලිවී ඇති අයුරුත් නොයෙක් වරදාන දෙමින් අදාළ පුද්ගලයා පිරිමි දරුවන් තමාට අවනත කර ගන්නා අයුරුත් එහි සටහන්ව තිබිණි. ශ්‍රී ලාංකික දෙමාපියන්ටද තම දරුවන් ගැන සැලකිලිමත් වන ලෙස අනතුරු අගවා තිබිණි.
අදාළ පුද්ගලයාගේ සමාජ කෙටි නාමයත් සැබෑ නමත් එහි ඇතුළත්ව තිබුණි.
වෙරෝනා නගරයේ වසර 20කට අධික කාලයක් ජිවත් වෙන සමාජ ක්‍රියාකාරී ශ්‍රී ලාංකිකයකු අදාළ පත්‍රිකාව පිළිබඳව මෙසේ කියයි.
මේක ඇත්ත නම් මේක ලියලා තියෙන්නේ දරුවන්ගේ අම්මා හෝ තාත්තා විය හැකිය. ළමා අපයෝජනයට , කාන්තා හිංසනයට , නීතිය තදින් ක්‍රියාත්මක වෙන රටක කැලෑ පත්තර ගහන්නේ නැතිව පොලිසියට කිව්වා නම් අදාළ පුද්ගලයට ඉහළ දඩුවම් දෙන්න තිබුණා.
හෙට දවසේදී තවත් කෙනෙකු මෙය ප්‍රයෝජනයට අරන් කැලෑ පත්තර ගහන්න පුළුවන්. වාසනාව තිබුණත් මේ වගේ රටකට එන්න අපි තාම අවාසනාව තුරුළුකරන් ජිවත් වෙනවා කියලයි මට හිතෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරෝනා කියන්නේ දැන් දැන් තම රටට නින්දා කරන ශ්‍රී ලාංකිකයන් බහුල නගරයක් වී ගෙන එනවා. ලංකාවේ පුරුද්දට දැන්වීම් අලවන්නෙම බස් ආවරණයක හෝ දැන්වීම් ඇලවිය නොහැකි ප්‍රසිද්ද ස්ථාන වල. (ර)
බලුවලිගේ සහ උණපුරුක මතක් වුණා.(අ)
මට නම් හිතෙන්නේ එය මේ පුද්ගලයා සමඟ තිබෙන යම් තරහකට ඔහුව අවමානයට ලක්කිරීමේ උත්සාහයක් කියලයි. (නි)
හෙට අනිද්දා වෙනකොට අපේ කට්ටියම මෙයාව එළියට දමයි. (නි)
පිස්සුවට බෙහෙත් තිබුනත් මෝඩකමට බෙහෙතක් නැහැ කියනවනේ. (නි)
කෙනෙක් කිසියම් වරදක් කළා නම්, ඉතාලි පොලිසියට දැනුම් දෙන්න තිබුනනේ. එහෙම වුණා නම්, අදාළ පුද්ගලයාට උපරිම දඬුවම ලැබේවි. එහෙම නැතුව තමන්ගේ ජන්ම ගතිය ප්‍රදර්ශනය කළා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. (නි)
කැලෑ පත්තර ගහන්නේ පළිගැනීමේ චේතනාවෙන්. පොඩි දෙයටත් පොලිසියට දුවන අපේ මිනිස්සු මේ දෙයට විතරක් පොලිසියට යන්න දැනුමක් නැති බබාලා. (ර)
අනිවාර්යෙන්ම බොරුවක් හා මඩක්. පොලිසියට නොයා ඉතාලියෙ කැලෑපත්තර අලවන්නෙ මොන මෝඩයද? (ර)
වසර විස්සකට අධික කාලයක් වෙරෝනාවේ ජීවත් වුණු සමාජ ක්‍රියාකාරිකයට හිතන්න බැරි වෙලා නියම අම්ම තාත්ත ලියන විදිහට වෙනත් කෙනෙක් ලිව්වද කියල ඇරත් අම්ම තාත්තලා දරුවන්ට අවමානයක් සිදුවන ලෙස මෙසේ කටයුතු කරාවිද (බ)
කැලෑ පත්තර ගහන එක පරම්පරාවෙන් උරුම වෙන දෙයක්. හරි අමාරුයි නවත්ත ගන්න. (හේ)
මේක සැබෑ ලෙසම පුද්ගල අවමානයක් .. මේක කරපු කෙනාව පෝස්ටරේ අලවපු කෙනාව අත්අඩංගුවට අරගන්න ඕන .. පුද්ගලික තරහවල් වලට පළිගන්න ඔය වගේ පෝස්ටර් ගහන අයට වෙනම දඬුවමක් දිය යුතුයි (බ)