අාඬිගම කීරියන්කල්ලිය මාර්ගයේ දේවාල හන්දියේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට වෙඩි තබා නවතාගෙන එය පරීක්ෂා කිරීමේ දී ලොරියේ පිටුපස තරුණයකුගේ මළ සිරුරක් ගෙන යමින් තිබූ බව පොලිසිය පවසයි. විෂ ඇට වර්ගයක් කෑමෙන් අසාධ්‍ය වූ අයකු ගෙන යමින් සිටින බව ලොරියේ සිටි අයකු පවසා ඇතත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටියේය. ලොරියේ රියදුරා සුළු තුවාල ලැබූ බව ද පොලිසිය කියයි. පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සි ලෙඩෙක්ව ගෙනයනවිට පොලිස් අණ පිළිපැද,පැද ඉන්නේ නැහැ.කොහොම හරි බලන්නේ ලෙඩාව බේරගන්න.සමහරවිට රෝහලට ඇතුළුකලානම් රෝගියාව බේරගන්න තිබුනද දන්නේ නැහැ.දැන් පොලිස්සිය බලන් ඉන්නේ කාට වෙඩිතියන්නද කියලා තමයි.(හේ)..
පොලීසිය කළේ එයාලගේ රාජකාරිය. (ස)
මේ සිදුවීම හරිම සැකයි. මරල අරගෙන ගියා වෙන්න පුළුවන්. රෝගියා වේගයෙන් රෝහලට ගෙනයන විට පොලිසිය මුල්ලක ඉඳලා අතක් දාල, නැවැත්තුවේ නැති උනාම වෙඩි තිබ්බා වෙන්නත් පුළුවන්. (ස)
දෙවියනේ! මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
ලක්ෂ ගණනාවක් වටිනා බයිසිකල් ගෙනාවේ ඔය වගේ වෙලාවට ලුහුබඳින්න තමයි (නි)
අපේ පොලිසියට ජයවේවා! (නි)