(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ ශාන්ත  ප්‍රදීප් කුමාර කුලරත්න)

ගල්වලක සේවකයෙකු ගල් වලේ   මුදුනේ සිට ලණුවක් ආධාරයෙන් පහළට බසිමින් සිටියදී එකවරම ගල්බෝරයක් පුපුරා යාමෙන් අඩි 60කින් පමණ පහළට ඇද වැටි  මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පාදුක්ක හොරවල, බටහිර දූව පාර පදිංචිව සිටි කේ අනිල් ශාන්ත (52) යන අයය.

මිගොඩ දම්පේ රණසිංහ මාවතේ පිහිටි ගල්වලේ සේවය කරන මිය ගිය පුද්ගලයා ඊයේ (6)ගල්බෝර දැමීමෙන් පසු පහළට ඇද නොවැටුණු ගල් පහළට පෙරලීම සඳහා ලණුවක් ආධාරයෙන් කන්දේ උඩ සිට පහළට බසිමින් සිටියදී පුපුරා නොගිය ගල් බෝරයක් එකවරම පුපුරා ගොස්   අඩි 60 ක පමණ උසක සිට පහළට ඇද වැටී බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරු එහි සිටි අනෙකුත්  සේවකයන් විසින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.