
(අංජුල මහික වීරරත්න)
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපන ශාලාවේදී අද අරැඹිණි.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
මේ අනුව රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලැබෙයි. මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතය.
ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.
මෙම අවස්ථාවේ ආරාධිතයා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක් වූ අතර ඔහු එහිදී සඳහන් කළේ ජනතාවට ගුණාත්මක, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රමාණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය බවයි.
ඒ වෙනුවෙන් මඟපෙන්වීම සහ වෙළෙඳ ප්‍රජාවගේ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පෝෂණ) වෛද්‍ය මොනිකා විජේරත්න යන මහත්ම මහත්මීහු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
නගරවල හොටෙල් නමින් පවත්වාගෙන යන බත් අපිරිසිදුකම වගේම ගිණි ගනණ්,කුස්සිය ඌරු කොටුවකට වඩා අපිරිසිදුයි,උයන පිහන එකෙක්වත් වැසිකිලිය යැමේන් පසු සබන් දමා අත් හෝදන්නේ නැත,ලංකාවේ මිනිස්සුන් හරියට අසූචි මිශ්‍ර ආහාර කනවා .
මහජනයාගේ බදු සල්ලි පුච්චන විදි! අපි කවුරුත් දන්නවා රුපියල් 200කට ඔය කියන සමබල ආහාරවේලක් ගන්න බැහැ කියල, එහෙම දෙන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුව සමහර වියදම් දරාගන්න නිසා, ඉතින් ඕකෙන් වෙන්නේ පාඩුවක්. සොවියට්දේශයේ සමූහ ගොවිපොළවල්, කොමියුනයන් තිබුනා, ඒවාට පොදු මුළුතැන් ගෙවල් තිබුනා, මිනිස්සු ගෙවල් වලදී කෑම හදනවා වෙනුවට අර මුළුතැන්ගෙවල් වලින් ආහාර ගත්තා කියල සෝවියට් පොත් වල තිබෙනවා. ඔය ක්‍රමේ සාර්ථක නම් ඇයි ලෝකේ අනිත් රටවල එක නැත්තේ? ඇයි සොවියට්දේශය තවදුරටත් නැත්තේ?
යෝගා සහ ගුණසේකර මෙකට කියන මොට්ට කතාව මොකක්ද කියල දැනගන්න මම නොඉවසිල්ලෙන් බලාසිටිනවා!
මෙන්න අන්දරේගේ තවත් එක විහිළුවක්
රිලවුන්ගේ ප්‍රශ්නය විසදෙන ලකුණු පහළ වී ඇත
ජෙබයියන්ට සාධාරණ කොටාගේ හොටෙල් වලින් කන්න පුළුවන් . හැබැයි ඉක්මනට හොඳේ. චන්දේ ඉවරවෙලා සතියෙන් වහනවා
පින්තූරේ නම් තියෙන්නේ ෆාස්ට් ෆුඩ් කඩයක් නේද ?
නරීයා දන්නේ කැලේ මැද පමනී....
සිලින්ඩර් බයියෝන්ට නම් මෙවැනි දේවල් පුරුදු නැත , ඔවුන්ට පුරුදු තමන්ගේ හාමුල ,බේබිල රජයේ මුදලින් නිකන් කාල ප්‍රෂ්ටිමත් ම කෙලිදොලෙන් ඉන්නවා දැකල සතුටු වීම පමණි
නොමිලේ කෑම දෙන රජයේ බෝඩිම්වලට හොර හාමුලාව දක්කන ගමන්, ඒ ගොල්ලන්ට කඩේ යන වහලුන්ටත් මේ වැනි දේවල් දාලා දෙන එක හොඳයි..!
ඒ කියන්නේ නීල් කාලේ මඩ දානවා එහෙමනම්. දුප් නරියා!
පම්පෝරි ගොනෝ, පම්පෝරි ගහන්න එපා
මට ආප්පයක් දෙනවද ? ආප්ප හදන මිස් අද නෑ ලබන සතියෙ එන්න