IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අඩිය ගැලවුණා පුටුවෙ ඇලවුණා

2016-11-05-ent-01එක්තරා ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පහුගිය දවසක පැවතුණා. මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන නිළිය මුහුරත් උළෙලට එන අතරතුර පොඩි අකරතැබ්බයකට මුහුණ දීලා. පොඩි කිව්වට පොඩි අකරතැබ්බයකුත් නොවෙයි. ඇගේ සාරියට ගැළපෙන සෙරෙප්පු ජෝඩුවෙන් එකක අඩිය එහෙම පිටින්ම ගැලවිලා. ඇවිදින කොට පට පට ගාලා සද්දෙකුත් ආවලු.

මුහුරත් උළෙල පවත්වන හෝටලය අසල තිබෙන සපත්තු කඩේකට ගොස් මේක අලවා ගත්තලු. ගම් එක ගහලා විනාඩි 15ක් විස්සක් ඉන්න ඕනෙලු ඇලවෙන්න. ඒත් නැකතට වෙලාව ළංවෙන නිසා ඇය එවෙලේම අඩිය අලවලා ඇවිත් ශාලාවේ වාඩිවුණාලු. ඔන්න විනාඩියක් යනකොට ආයෙත් අඩිය ගැලවිලා.

දැන් නැකතට පහන් දල්වන වෙලාවත් ආවලු. නිවේදකයා මේ නිළියගේ නමත් කියලා පොල්තෙල් පහන දල්වන්න කතා කරනවලු. මොකෝ මෙයා පුටුවට ඇලවිලාද? නිවේදකයා ඇහුවලු.

සෙරෙප්පුව නැතුව එතනට යන්න බැරි නිසා ඇය පුටුවෙම වාඩිවෙලා හිටියලු.

 

DESHAYA



අදහස් (0)

අඩිය ගැලවුණා පුටුවෙ ඇලවුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 368 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site