
(අංජුල මහික වීරරත්න)
හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සම්බන්ධයෙන් පියවර ගැනීමට කැබිනට අනුමැතිය ලැබී ඇත.
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම රජය විසින් ඉටු කළ යුතු කාර්යභාරයක් ලෙස සලකනු ලබයි.
ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික්ක 10ක රැකවරණ නිවාස පවත්වා ගෙන යනු ලබන අතර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව එම නිවාසවල වියදම් දරනු ලබයි.
2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද නව රැකවරණ නිවාසයක් ස්ථාපිත කර තිබේ. එකී තාවකාලික කාන්තා රැකවරණ නිවාසය ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන රැකවරණ නිවාස ජාලයට ඇතුළත් කර ගැනීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1778
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඩන්තේට්ටම් වන කතුන්ට රට පුරා රැකවරණ ගෙවල්