IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘අඩු පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වෙයි‘

වායුගෝලයේ පැවති  අඩු පීඩන කලාපය දිවයිනට ගිනිකොන දෙසින් තවදුරටත් ස්ථාපනය වී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියි. මෙම පද්ධතියේ බලපෑම මත දිවයිනට වැසි ලැබීමේ හැකියාව තවදුරටත්  වැඩි මට්ටමක පවතින බව සඳහන් කරයි.

විශේෂයෙන්ම නැගෙනහිර, ඌව,මධ්‍යම, උතුරු මැද  සහ වයඹ  පළාත් පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මී.100 ට වැඩි) ඇතිවිය හැකිය.

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60-80 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක.

 

පෙරවරු 5.30ට

වායුගෝලයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වෙරළ තීරයට ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

එය දිවයිනට ඉතා ආසන්නව ගමන්කරන අතර අද දිනයේදී දිවයිනේ බොහෝ පළාත් වල ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එමනිසා මුහුදු යාමෙන් සහ ඉහත වෙරළේ ගැවසීමෙන් වැලකි සිටින ලෙස තරයේ ඉල්ලා සිටින අතර ඉහත වෙරළ අශ්‍රිතව ජිවත්වන ජනතාවගෙන් මේ පිළිබදව විමසිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටි.

දිවයිනේ බොහෝ පළාත් වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතී.  ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි ( මි.මී.150 ට වැඩි) ඇතිවිය හැකිය.

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක.

පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 80 පමණ දක්වා පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක වේ.

අද උදැසන 05.30 අවසන් වූ පැය 21 තුල ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථාන වල වාර්තාවූ සැලකිය යුතු වර්ෂාපතනයන්: පොතුවිල් - මිමි 264.3, මොණරාගල - මිමි 133.3 සහ බණ්ඩාරවෙල - මිමි 125.8

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)



අදහස් (0)

‘අඩු පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වෙයි‘

නුවන් Saturday, 27 December 2014 10:05 AM

අනේ මන්දා මොනවද වෙන්නේ කියලා (නි)

:       0       0

ගයාන් Saturday, 27 December 2014 01:29 AM

මෙහෙම කාලගුණ කරදර හිටිගමන් එන්නේ කොහොමද? (නි)

:       0       0

ගමගේ Saturday, 27 December 2014 02:28 AM

සමහරු කියන බොරු වලට දෙවියෝ කෝපවෙලා වගෙයි (නි)

:       0       0

නඳුන් Saturday, 27 December 2014 03:34 AM

පොලොන්නරුවේ දෙවියෝ කෝපවෙලා තියෙන්නේ කියන බොරුවලට (නදී)

:       0       0

රමේෂ් Saturday, 27 December 2014 04:44 AM

අැයි ගයාන්, සුනාමි ආවෙ හිටි ගමන් නෙවෙයි ද? ඔයාට කලින් කියලද? (නදී)

:       0       0

ගයාන් Saturday, 27 December 2014 05:18 AM

මට කියන්න තියෙන්නේ එච්චරයි.

:       0       0

මැණික් Saturday, 27 December 2014 06:32 AM

දැන් නම් මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න වෙන්නේ බෝට්ටුවෙන් ගිහින් ! (ම)

:       0       0

විමුක්ති Saturday, 27 December 2014 09:19 AM

මට නම් කියන්න කිසිම දෙයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site