එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි පිලිපීන ජාතික පිරිමි දරුවකුට අතවර කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬුවම් නියම කළේය.
දිගු කාලයක සිට ඩුබායිහි සේවය කළ හතලිස් නව හැවිරිදි ලාංකිකයෙකුට එසේ දඬුවම් නියම විය.
ඉකුත් අපේ‍්‍රල් 01 වැනිදා ඩුබායිි ජුමේයිරා වෙරළ තිරයට සිය මෙහෙකාරිය සමඟ පැමිණ ඇති තෙහැවිරිදි පිරිමි දරුවා සෙල්ලම් කරමින් සිටියදී එම ස්ථානයේ බීමතින් සිටි ලාංකිකයා මොහුට හිංසනය කර තිබේ.මේ සම්බන්ධයෙන් මෙහෙකාරිය ඩුබායි පොලිසියට පැමිණිලි කර ඇත.
වහාම ක‍්‍රියාත්මක වූ ඩුබායි පොලිසිය ලාංකිකයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇතැයි පැවසේ. පසුව ඩුබායි පොලීසිය ලාංකිකයාට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩු විභාගය අවසන් කිරිමෙන් පසුව මෙම සිර දඬුවම් නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කන්නේ ඔය වගේ තනි තනි සත්තු විතරක් නොවෙයි, දේශපාලකයොත් කාලයක් තිසේ රට උලාකනවා.
ඇයි මේ මිනිසුන්ට දුරදිග හිතන්න බැරි (නි)
කැත වැඩ. මේවායින් ලංකාවේ නම කැතවෙනවා (නි)
අපොයි මුන් ලංකාවේම නම කනවෝ....(බ)
මැදපෙරදිග රටවල යන බොහෝ පිරිමි සහ ගැහැණු ඉන්නේ ආතතියකින්.කෙසේ හෝ අවස්ථාවක් ලැබුනු විගස රටේ නීතිය සිතන්නේ නැහැ (නි)
අපේ කට්ටිය කොතන ගියත් අපරාදේ කියන්න බැහැ, නම තියලා තමයි එන්නේ. (නි)
තවමත් බොහෝ රටවල ලංකාවට හොඳ නමක් තියෙනවා. (නදී)
අවුරුදු 02 ක ළමයෙක්. මුන්ට දෙන්න ඕන උපරිම දඩුවම , අපේ රටේ නම කනවට (නදී)
කොහොමත් අපේ රටේ නාකි අංකල්ලා ඕවට හරි දක්ෂයි (නදී)
ඇයි මිනිස්සු මෙච්චර පහත් වැඩ කරන්නේ? (නි)
පිට රටක සිට ලංකාවේ නම කන අය හොදයි ලංකාවේ ඉදන් රට කන අයට වඩා. මේ වගේ පොඩි පොඩි දේවල් ලෝකේ ඕනෑම රටක කෙනෙක් අතින් වෙනවා. එ්ක මුළු ලෝකෙම දන්නවා. හැබැයි පිට රටවල් වල ඉන්න ලංකාවේ මිනිස්සු හින්ද තමයි ලංකාව ගැන හොඳ නමක් හරි ලෝකේ පුරාම ප්‍රචාරය වෙන්නේ. එහෙම අහල ලංකාවට එන විදේශිකයෝ ආපහු යන්නේ කලකිරීමෙන්. පිට රටවල් වල වැඩ කරන ලාංකිකයෝ හරිම ක්‍රියාශිලියි. ඒවා දකින විදේශිකයෝ ඔවුන් සමග හිතවත් වෙනවා. ලංකාවටත් එනවා බලල යන්න. එහෙම එන්න ශ්‍රීලන්කන් ගුවන් යානයකට ගොඩ උනොත් එහෙම එතන ඉදලම ඉදන් හොඳ කට්ටක් තමයි ඒ මිනිස්සුන්ට කන්න වෙන්නේ (නදී)
මාස තුනෙන් නඩු තීන්දුවත් දීලා. ඒකට ඉන්දියාවේ, ලංකාවේ මැරිලා ගසුත් පැලවෙලා (නදී)