එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි පිලිපීන ජාතික පිරිමි දරුවකුට අතවර කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬුවම් නියම කළේය.
දිගු කාලයක සිට ඩුබායිහි සේවය කළ හතලිස් නව හැවිරිදි ලාංකිකයෙකුට එසේ දඬුවම් නියම විය.
ඉකුත් අපේ‍්‍රල් 01 වැනිදා ඩුබායිි ජුමේයිරා වෙරළ තිරයට සිය මෙහෙකාරිය සමඟ පැමිණ ඇති තෙහැවිරිදි පිරිමි දරුවා සෙල්ලම් කරමින් සිටියදී එම ස්ථානයේ බීමතින් සිටි ලාංකිකයා මොහුට හිංසනය කර තිබේ.මේ සම්බන්ධයෙන් මෙහෙකාරිය ඩුබායි පොලිසියට පැමිණිලි කර ඇත.
වහාම ක‍්‍රියාත්මක වූ ඩුබායි පොලිසිය ලාංකිකයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇතැයි පැවසේ. පසුව ඩුබායි පොලීසිය ලාංකිකයාට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩු විභාගය අවසන් කිරිමෙන් පසුව මෙම සිර දඬුවම් නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩි ගසා තිරිසන් වැඩක් කරලා
සත්‍යයා Sunday, 12 July 2015 03:43 PM
රට කන්නේ ඔය වගේ තනි තනි සත්තු විතරක් නොවෙයි, දේශපාලකයොත් කාලයක් තිසේ රට උලාකනවා.
ට්‍රිෂාන් Sunday, 12 July 2015 10:10 AM
ඇයි මේ මිනිසුන්ට දුරදිග හිතන්න බැරි (නි)
විමල් Sunday, 12 July 2015 05:06 PM
කැත වැඩ. මේවායින් ලංකාවේ නම කැතවෙනවා (නි)
සජිත් Sunday, 12 July 2015 10:55 AM
අපොයි මුන් ලංකාවේම නම කනවෝ....(බ)
යසීර් අහමඩ් Sunday, 12 July 2015 11:03 AM
මැදපෙරදිග රටවල යන බොහෝ පිරිමි සහ ගැහැණු ඉන්නේ ආතතියකින්.කෙසේ හෝ අවස්ථාවක් ලැබුනු විගස රටේ නීතිය සිතන්නේ නැහැ (නි)
ඉන්දික Sunday, 12 July 2015 11:23 AM
අපේ කට්ටිය කොතන ගියත් අපරාදේ කියන්න බැහැ, නම තියලා තමයි එන්නේ. (නි)
තිලකේ නවරත්න Sunday, 12 July 2015 07:39 PM
තවමත් බොහෝ රටවල ලංකාවට හොඳ නමක් තියෙනවා. (නදී)
ශාන්ත - කටාර් Sunday, 12 July 2015 10:27 PM
අවුරුදු 02 ක ළමයෙක්. මුන්ට දෙන්න ඕන උපරිම දඩුවම , අපේ රටේ නම කනවට (නදී)
පිටිගල මිලානෝ Sunday, 12 July 2015 11:08 PM
කොහොමත් අපේ රටේ නාකි අංකල්ලා ඕවට හරි දක්ෂයි (නදී)
රවී Monday, 13 July 2015 12:44 AM
ඇයි මිනිස්සු මෙච්චර පහත් වැඩ කරන්නේ? (නි)
බෙනට් Sunday, 12 July 2015 02:00 PM
පිට රටක සිට ලංකාවේ නම කන අය හොදයි ලංකාවේ ඉදන් රට කන අයට වඩා. මේ වගේ පොඩි පොඩි දේවල් ලෝකේ ඕනෑම රටක කෙනෙක් අතින් වෙනවා. එ්ක මුළු ලෝකෙම දන්නවා. හැබැයි පිට රටවල් වල ඉන්න ලංකාවේ මිනිස්සු හින්ද තමයි ලංකාව ගැන හොඳ නමක් හරි ලෝකේ පුරාම ප්‍රචාරය වෙන්නේ. එහෙම අහල ලංකාවට එන විදේශිකයෝ ආපහු යන්නේ කලකිරීමෙන්. පිට රටවල් වල වැඩ කරන ලාංකිකයෝ හරිම ක්‍රියාශිලියි. ඒවා දකින විදේශිකයෝ ඔවුන් සමග හිතවත් වෙනවා. ලංකාවටත් එනවා බලල යන්න. එහෙම එන්න ශ්‍රීලන්කන් ගුවන් යානයකට ගොඩ උනොත් එහෙම එතන ඉදලම ඉදන් හොඳ කට්ටක් තමයි ඒ මිනිස්සුන්ට කන්න වෙන්නේ (නදී)
රියාල් Sunday, 12 July 2015 02:43 PM
මාස තුනෙන් නඩු තීන්දුවත් දීලා. ඒකට ඉන්දියාවේ, ලංකාවේ මැරිලා ගසුත් පැලවෙලා (නදී)