(රංජන් කස්තුරි)
සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවීම හෙට සිටි සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
රජය මගින් සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූවන්ට මෙම දීමනාව හිමිවන බව ද ඒ සඳහා රජය රුපියල් කෝටි 3000ක මුදලක් වෙනකර ඇතැයි ද අමාත්‍යවරයා කියයි.
දැනටමත් රජය මගින් ආධාර ලබන්නේ නම් එවැනි පවුලකට ලබා දෙන්නේ දැනට ලබාදෙන මුදල රුපියල් 5000න් අඩුකර ඉතිරි මුදල පමණක යැයි ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් දේශපාලන සැණකෙළියක් කරලා බෙදයි. ගෙවල් ගානේ යන්නේ නැතිව කෙළින්ම මිනිස්සුන්ගේ ගිණුම්වලට සල්ලි දාන්න. හැමදෙයක්ම ඔන්ලයින් කරලා .. අන්තර්ජාල ආයතන පොහොසත් කරන රටේ ඇයි මේකවත් කරගන්න බැරි?
ඔන්න මේ දිනවල ලුණු වලට හොඳ ඉල්ලුමක් ඇවිත්... ඒ වගේම කඩකාරයින් ලුණු හංගලා තියෙන්නේ නැති හිඟයක් මවා පාලා වැඩිමිලට විකුණන්න. වෙළෙඳ ඇමැති තුමෝ.. වහාම මේවාට නිසි පියවර ගන්න...
මම ඔය ගැන අපේ ග්‍රාම නිලධාරීන්ගෙන් ඇහුවා. එයා කියනවා තවම චක්‍ර ලේඛඇවිත් නැහැ කියලා. ඔක්කොම කරන්නේ කටින් බතල හිටවන එක...!!