අඩි 41 කට අඩු කුඩා බෝට්ටු නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව අඩි 41 කට අඩු කුඩා බෝට්ටු බෝට්ටු නිෂ්පාදනය කළ ද ඒවාට අමාත්‍යාංශයෙන් බලපත්‍ර නිකුත් නොකෙරෙණු ඇත.
එවැනි කුඩා බෝට්ටු ප්‍රමිතියෙන් තොර බවට ධීවරයන්ගෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
කුඩා බෝට්ටුවලට යොදා ගන්නේ අලුත්වැඩියා කරන ලද පැරණි එන්ජින් යැයි ද, බෝට්ටු භාවිත කළ හැකි කාල සීමාව ඉතා සීමිත යැයි ද ධීවරයෝ චෝදනා කරති.
අඩි 41 කට අඩු කුඩා බෝට්ටු එක්දින යාත්‍රා ගණයට වැටෙන අතර මෙම බෝට්ටුවලින් මසුන් මැරීමට ගොස් බෝට්ටු මුහුද මැද අබලන් වූ පසු එම බෝට්ටුවල සිටින ධීවරයන් බේරා ගැනීමට යන පිරිවැය දැරීමට සිදුවන්නේ ද ධීවරට අමාත්‍යාංශට බව අමාත්‍යවරයා පැවැසීය.
මෙවැනි බෝට්ටුවලින් මාළු ඇල්ලීමට යා හැක්කේ නාවුක සැතපුම් 20ක සීමාවක පමණක් බවත් එම බෝට්ටුවලට ජාත්‍යන්තර මුහුදට යා නොහැකි නිසා අල්ලාගත හැකි මාළු ප්‍රමාණය ඉතා සීමිත බවත් ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩෙන් වෙන්නේ ධිවර කර්මාන්තය තවදුරටත් ලොකු මුදලාලිලාගේ අණසකට යටත් වෙන එක. සාමාන්‍ය ධීවරයෙක් කුඩා බෝටුවක් අරන් රස්සාව කරන එක නතර වෙනවා (නි)
මෙහි සැබෑ අරමුණ මෙය නොවිය හැක. උතුරේ ධීවරයාට බහුදින යාත්‍රා අවශ්‍ය නොවේ. ඔවුන්ගේ කලාපය නාවික සැතපුම් 20කට වැඩි නොවේ. ඔවුන් ජාත්‍යන්තර මුහුදට පිවිසුනොත් ඉන්දියානු ධීවරයාට උතුරට පැමිණීමේදී ඇතිවන ගැටළු අඩුවනු ඇත. පාරිභෝගිකයාට නැවුම් මාළු ලබාගැනීමට ඇති අවස්ථාව නැතිවනු ඇත. මෙය සමස්ත ශ්‍රී ලාංකික ධීවරයාට හා පාරිභෝගිකයාට අවාසිසහගත තීරණයක්දැයි සිතේ. (බ)
ඉන්දියාවේ බලපෑමක් මත (බ)
දුප්පත් ධීවරයන්ට ලොකු බෝට්ටු ගැනීමට මුදල් නොමැත. මුහුද මැද අබලන් වුන බෝට්ටු ධීවර අමාත්‍යංශයෙන් බේරාගත් බව කිසිම දිනක අසා නොමැත. අනෙක මේ ඇමතිගේ උත්සාහය පිටරටින් මාළු ගෙන්වීම දිගටම කරගෙන යාමටයි .රොෂාන් ඔබ හරි (බ)
කුඩා බෝට්ටු නිපදවීම නතර කිරීම වෙනුවට ප්‍රමිතියෙන් යුත් කුඩා බෝට්ටු නිපදවීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. එවිට පාරිභෝගිකයාට නැවුම් මාලු ලබාගැනීමටත් ධීවරයාට දැරිය හැකි මිලකට බෝට්ටුවක් ලබාගැනීමටත් හැකිවේවි. (බ)
ධීවරයන් පිටරට පාවිච්චි කරනලද එන්ජින් ගෙනාවත් ඒවා කිසිම වගවිභාගයක් නොමැතිව කෙළින්ම බෝට්ටු වලට සවි නොකරති. මුලින්ම තමන්ට විශ්වාසවන්ත කාර්මිකයකු යොදා එහි කොටස් ගළවා ගෙවීගිය කොටස් ඉවත්කර අඩුපාඩු සකසා නැවත 'ෆිට්' කරනු ලැබේ. ලංකාවේ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ කුඩා ධිවර වරායන්ය. ඒවාට මේ විශාල ප්‍රමාණයේ බෝට්ටු ඇතුළත් කළනොහැක. ඒවායේ සමහර තැන් ගැඹුර අඩු නිසා බෝට්ටු පතුල යට වැදීම සිදුවේ. (නි)
පොඩි මිනිහට සන්තානම් මෑණියන්ගේ පිහිටයි (බ)
මුහුදේ මසුන් මැරීමට බෝට්ටු හදන්නේ ඒ අවශ්‍යතාවයට අනුව මිසක, ඇමතිට ඕනා ආකාරයට නොවේ. (බ)
ඇමතිතුමනි ලංකාවේ ජනයා ගැන හිතන්න . ඔබට ඡන්දෙ දෙන්න ඉන්නේ ඔවුන් . මෙය නැවත වනවානම් එයට පිලියමක් යොදන්න. ඔබගේ මේ අදහස ව්‍යාකූලයි (බ)