අද 5 වැනි දිනයේ කැනීම් වලදී අඩි 25 ක් යටදී පිරිමි මළ සිරුරක් මතුවී යැයි කොස්ලන්ද මීරියබැද්දේ හමුදාව කියයි. යුධ, ගුවන් හා නාවික හමුදාද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායද සහන සේවකයෝද කැනීම් කරගෙන යති. මින් මද වේලාවකට පෙර ඉබි යතුරු දැමූ පුංචි අල්මාරියක් ගොඩගෙන සීල් තබා පොලිසියට රැගෙන ගිය බව සහන සේවකයෝ කියති. පොලිස් ගණන් හිලව් අනුව සොයාගත් සිරුරු ගණන 6 කි.
තවත් අඩි 10 කට අඩු ගැඹුරකදී සිරුරු සොයාගත හැකි වෙතියි අනුමාන කරති.
පාලිත ආරියවංශ
සමන් පාලිත නානයක්කාර














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආදරණීය හමුදාවට ගරු උපහාර. (ර)
ඔය කව්රු මොනවා කිවත් හමුදාව නැත්නම් ලංකාව ඉවරයි. දේශපාලඥයෝ දන්නේ කටින් බතළ හිටවන්න විතරයි. (ර)
ඉතාම සංවේදී හැගීම් දනවන පිංතුරාවලියක්. බෞද්ධ දර්ශනයට අනුව නාය යාමට හසුවූ අහිංසක සියලු දෙනාම පෙර ආත්මයේ කරපු අකුසල කර්මයක් නිසා මේ අවාසනාවන්ත තත්ත්වයට පත්වෙලා. මෙහි රාජකාරියේ යෙදී සිටින සියලුම ආරක්ෂක සාමාජිකයන් කරනු ලබන්නේ ඉතාමත් වෙහෙසකර කාර්යයක්. මේ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ආශීර්වාදය නිරතුරුවම ලැබේවා.! (ර)
හමුදාවට ප්‍රණාමය (දිල්)
ශාන්ත කුමාරන, ඔබගේ කෝණය නිවැරැදියි. තිස් අවුරුදු සාපයෙන් රට ගලවාගත් රණ විරුවන්ට නිවැරැදි නායකත්වය දුන්, නිසි මඟ පෙන්වීමක් දුන් වීරෝදාර සෙන් පතියන් සිටින තුරා, සියලු ජාතික ආපදා අවස්ථා වලට උර දීමටත්, අපේ රණවිරුවන් කිසිදා පසුබට නොවන බව, පක්ෂ, පාට, ජාති, ආගම්, බේදය වපුරන බන් කොලොත් දේශපාලඥයන්ටත් දැන ගන්නට මෙය අවස්ථාවක් වේවි. (ර)
රට රැකගත් රණවිරුවෝ රටේ ඉදිරි ගමනට උරදී වෙසෙද්දී ,ඔවුන්ව කුලීකරුවන්ගේ තත්වයට ඇදදැමූ සමහරු දැන් අපේ එඩිතර හමුදා කොල්ලෝ ගැන කියන්නේ මොනවද කියලා දැනගන්න කැමතියි. (නි)
උදාර සෙබළුනි, ඔබට ප්‍රණාමය! (නි)
ත්‍රිවිධ හමුදාවට නිසි ගෞරවය පුදමි (නි)
අපේ හමුදා නිලධාරීන්ට යෝධබල වීර්යය ලැබේවා! (නි)
අඩි 25ක්? මොනතරම් භයානක සිදුවීමක්ද? (නි)
රණවිරුවනි, අපේ ප්‍රණාමය ඔබටයි (දිල්)
රණවිරුවෙනි, අපේ ප්‍රණාමය ඔබටයි.(හේ)
මේ විනාශයේ ඇති රුදුරුබව මෙයින්ම පැහැදිලි වෙනවා (නි)
අපේ කොල්ලෝ වැඩකට බැස්සොත් ජය ලබනවාම තමයි (නි)
හමුදා දරුවන්ට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මුලින් අපදා කළමනාකරණ ඇමතිතුමා බැහැයි කියල මග හරින්නනේ හැදුවේ දැන් වැඩේ කෙරෙනවා මේ ගැන මුලින්ම කතා කළ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රී තුමාට අපගේ ප්‍රණාමය! (බ)
අපේ හමුදා නිලදාරීන්ට ජයම වේවා. නමුත් සියලු කටයුතු අවසන් වූ පසු සියලු මාධ්‍යයන් කතා කරන්නේ මේවා සියල්ල ජනාදිපති කල විදියට. ඒ ගැනයි දුක. කෙසේ නමුත් අපේ හමුදා නිලදාරින්ට සියලු දෙවි පිහිටයි. (නදී)
හිතනකොටත් මට නම් බය හිතෙනවා (නි)
අපේ හමුදාවල කොල්ලෝ මඩනාගෙන ඉතා දුෂ්කරව වැඩ කරනවා. මේ වීරෝධාර හමුදා භටයින්ට ආපදා සේවයට ගැළපෙන සැහැල්ලු ඇඳුමක් හා රබර් බූට් සැපයුවා නම් ඔවුන්ට ඒ වැඩේ කරන්න පහසු වෙනවා. මේ අය ගැන මීට වඩා සැළකිල්ලක් දැක්විය යුතුයි. (නි)
පොලිසියේ සහයත් මේ වෙලාවේ වැදගත් වෙනවා (නි)
අපේ රට බාරදෙන්න ඕනෑ සමන්ත විද්‍යාරත්න සහෝදරයා වගේ මොළේ ඇති වැඩක් කරන්න පුළුවන් අයට. හමුදාවට නියම මඟපෙන්වීමක් කරන්න පුළුවන් නියම නයයකයෝ . (නි)
සමන්ත විද්‍යාරත්න මන්ත්‍රී තුමා මොනවා කරන්න ගියත් මග හරින්නනේ නැහැ බැරි දෙයක් කියලා (නදී)
සත්‍යයා ඔය තියෙන්නේ වැඩේට ගැලපෙන ඇදුම තමා වෙන ඇදුම් අපිට ඕනේ නැහැ (නදී)
නියෝගයකට උණත් හමුදාවේ කොල්ලො මේ වෙනුවෙන් වෙන මහන්සිය මිල කළ නොහැකියි. ආරක්ෂක ලේකම්තුමනි මේ අයට විශේෂ සැලකිල්ලක් දක්වන්න. (නදී)
ජේ වී පි එකට මේකත් ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ ඇති. මොකද හමුදාව මේ වැඩේට යොදවන එකට. නාය ගියෙත් ආණ්ඩුවේ වරදින් කියල කියපු මිනිස්සු. අපේ රණ විරුවෝ නැත්නම් රට ඉවරයි (නදී)
ඌවේ ජනතාවගේ මොකක්දෝ වාසනාවකට මේ වගේ ජනතා නියෝජිතයෙක් පත් උනා. කාට කාටත් දැන් අමතක වෙලා ඇති ඔය අවුරුදු තිහක යුද්දෙත් නිමකර ගත්තේ මේ අය විසින් ලොක්කන් කිති කවපු නිසා බව. (නදී)
ත්‍රිවිධ හමුදාව වැඩේකට බැස්සොත් ඉතින් එ්කේ කෙළවරක් දකින කම් අත අරින්නේ නැහැ. මේවා මුළු ලෝකෙටම ආදර්ශවත්. (නදී)
ත්‍රීවිද හමුදාවෙන් හා විශේෂ කාර්ය බලකායෙන් හා පොලිසියෙන් ලැබෙන සහයෝගය වචනයෙන් කියා නිම කරන්න බැහැ. නමුත් විරුද්ද පක්ෂ වලින් කියන්නේ රටේ හැම දෙකටම හමුදාව යොදවනවා කියලා. නමුත් හමුදාව කවුද මේවා කරන්නේ. (නදී)
ජෙසිකා, ඔයා කියන දේට මමත් එක හෙලාම එකගයි. අපේ රණ විරුවන්ට සියලු දෙවි පිහිටයි.! (ර)