(උපාලි ආනන්ද)
අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය නියෝග කළාය.
දිසා විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන හතරක අයිතිය සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවති නඩුවක් සමථයට පත් කර ගැනීමට මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් ඇති කර ගත් සමථ එකඟතාවයක් සළකා බලමිනි.
ඒ අනුව ප‍්‍රශ්න ගත මෙම වාහන හතර අතරින් එන්සී/සීබීඑල් 5353 අංක දරණ ටොයෝටා ලෑන්ඞ් කෲෂර් වී එයට් වර්ගයේ අධි සුඛෝපභෝගි ජීප් රථය සහ එන්සී/පීසී 8445 අංක දරණ ටොයෝටා හයිලූක්ස් වර්ගයේ කැබ් රථය සහ එන්සී/කේඩබ්ලිව් 9988 අංක දරණ ටොයෝටා ප‍්‍රිමියෝ වර්ගයේ මෝටර් රථය වත්මන් අටමස්ථනාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභාවට බාර දෙන ලෙසටත් එන්සී/සීඒඩබ් 1210 අංක දරණ හොන්ඩා වෙසෙල් වර්යේ ජීප් රථය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන පී එම් චන්දානන්ද යන අයට පැවරීමටත් දිසා විනිසුරුවරිය නියෝග කරනු ලැබුවාය
ඒ අනුව මෙම නඩුව අවසන් කිරීමටද නියෝග කෙරිණ.
අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ ව්‍යාපාරිකයකු වන පී එම් චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝධි බෝමළුව විහාරවාසී කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර ථූපරාමාධිකාරි කහල්ලේ ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.
පෙත්සම්කාර පී එම් චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරමින් පවසා ඇත්තේ අනුරාධපුර නගරයේ කීර්තිමත් ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තමා අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස නාහිමියන් සමග වසර 19 ක කාලයක් කිට්ටු ඇසුරක් පවත්වා ගෙන ගිය බවයි.
පල්ලේගම සිරිනිවාස නාහිමියන් අසනීප තත්වයෙන් සිටි සෑම අවස්ථාවකදීම අවශ්‍ය කටයුතු සපයා දෙමින් තම පියකු මෙන් රැක බලා ගත්තේ තමන් බවද පවසන පෙත්සම්කරු සිරිනිවාස නාහිමියන් අපවත් වන අවස්ථාවේ දී ඇප උපස්ථාන සඳහා කැපවී සිටි පුද්ගලයා තමන් බවද ප‍්‍රකාශ කොට තිබේ. එසේම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටි කාලයේ එම හිමියන් විසින් උපයා සපයා ගත් සාංගික නොවන තම පුද්ගලික ධනයෙන් දේපල කිහිපයක් මිළදී ගත් බවත් එම දේපල වල නිර්වද්‍යතාවය සොයා බැලුවේ තමන් බවත් පෙත්සම්කරු සදඟන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ දරුවාව දොස්තර කෙනෙක් කරනවාද? ඉංජිනේරුවෙක් කරනවාද? ටියුෂන් කාරයෙක් කරනවාද? දේශපාලකයෙක් කරනවාද? මහණ කරනවාද? මට නම් මගණවෙලා V8 කීපයක් තියාගෙන හොරපාරෙන් තෑගිත් කාටකාට හරි දීගෙන සම්‍යක් ප්‍රීතියෙන් සැපක් ගන්න හිතිලයි තියෙන්නේ. අපරාදේ ඉතාලියේ ඉදන් කාලයක් කාපු කට්ට.
මාර්ගය ඉතා රළු බැවින් නිවන් පුර යාමට මෙවන් වාහන නැතුවම බැරිය.
සසරෙන් එතරවෙන්න මහණවුන වුන් කරලා තියෙන්නේ ධනය රැස්කරන එකනේ. මේකද අපේ බුදුපියාණන් වදාළේ.
V8 නිවන් මග. කාමසුඛයේ මානසිකත්වය ඇතුව සසුනට ආ අයගෙන් මොන බණදහම්ද?
රාජපක්ෂලා රනිල් ල මළගෙදරට එනකොටම දැනගන්න පුළුවන් අප්වත්වෙලා තියෙන්නේ කොයි වගේ කෙනෙක් ද කියල
අපේ අවදානය සහරාන්ලා, V8 2-3 භාවිතා කරන ඇතැම් දුසිල්වත් හාමුදුරුවරු බුදු සසුන විනාශ කරනවා.