‘ශ්‍රි ලංකාව මෙන් අට ගුණයක මුහුද තිබුණත්  ලංකාවේ පරිභෝජනයට  පිටරටින් මාළු ආනයනය කරනවා. මත්ස්‍ය ව්‍යාපාරය වැඩි දියුණු කිරිමට ජාත්‍යන්තර මුහුදට  නැව් යොදවා  මසුන් අල්ලන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා’ යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ධීවර අමාත්‍යාංශයේ පැවැති හමුවක දී අද (05) පැවසුවේය.

ජාත්‍යන්තර මුහුදට මසුන් ඇල්ලීම සඳහා  නැව් 1615 ක් යෙදවීමට හැකියාව තිබුණ ද මේවන විට  කුඩා  ප්‍රමාණයේ බෝට්ටු 1500 ක්  පමණ මුහුදේ මසුන් අල්ලන බවත් ඉතිරි ප්‍රමාණය සඳහා  විශාල ප්‍රමාණයේ නැව් යෙදවීමට හැකි බව ඔහු  කීවේය.

DSC_0854