
(දසුන් රාජපක්ෂ)
පොලිස් නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (31) පෙනී සිටියේය.
වැඩතහනමට ලක්වී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කළ පැමිණිල්ලක වගඋත්තරකරුවකු ලෙස නම්කර ඇති සහකාර පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර මහතාගේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම කොමිසම හමුවේ පෙනී සිටියේය.
අජිත් රෝහණ මහතා මෙම කොමිසම හමුවේ පෙනී සිටිය ද ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල දන්වා සිටියේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකාරීත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මුදාහැරීමට නියම කළේය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කාර්යාලයේ දී මෙම කොමිසම රැස්විය.
(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd