නීතිවිරෝධී පෙළපාළියක සාමජිකයකු වෙමින් පොලිස් නිලධාරියකුට පහර දී රාජකාරියට බාධා කළැයි කියමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක අජිත් ප්‍රසන්න රුපියල් පන්ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

සැකකරුවන් ගාල්ලේ පදිංචිකරුවන් විය යුතු බවට ඇප කොන්දේසි පැනවූ මහේස්ත්‍රාත් ලබන 17 වැනි දා ගාල්ල උසාවියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

සැකකරුගේ නීතීඥවරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී  අප අයැද සිටියත් සැකකරු අධිකරණයේ පෙනී නොසිටි නිසා එය ප්‍රතික්ෂේප විය.

ඉන් පසු පළාත් සභා අපේක්ෂක ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට ගිය මහේස්ත්‍රාත් ඇප නියම කළේය.