යාපනය, අච්චුවේලි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ යුද හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ලබන 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්කරන් මහතා අද නියෝග නියෝග කළේය.
1997 ඔක්තෝම්බර් 28 වැනිදා යාපනය,මද්දුවිල් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වරත්නම් ජෙයසීලන් හා නාගමනි සෞන්දරරාජන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැවැති පැමිණිලි විභාගයේ දී නීතිපති යුද හමුදාවට දැනුම් දී තිබුණේ මෙම සිදුවීමට සැක යැයි අනාවරණය වූ හමුදා සෙබළුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
1998 වසරේ අච්චුෙවිලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා සාමාජිකයෝ 16 දෙනෙක්මෙම අතුරුදන්වීමට සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. සෙසු යුද හමුදා සාමාජිකයන් දෙදෙනා මිය ගොස් ඇතැයි අධිකරණයේ දී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි විසින මරා දමපු සිංහල අයත් නඩු දැමිය යුතුයි සම්බන්ධන්ලා දෙමල ඩයස්පෝරාවත් මිය ගිය අය වෙනුවෙන් වගකිම දැරිය යුතුයි අපේ රටේ පමණක් නොවෙයි ඉරකයෙත් යුද්ධ වුනා ඒ රටේ හමුදාව හිර කරලා දඩුවවම් දුන්නෙ නැහැ යුද්ධයක දි මානුෂික ලෙස යුද්ද කළේ හමුදාව. කුරිරු ලෙස මිනිසුන් මැරැවේ කොටි එක අමතක කරන්න එපා (බ)
මේ රණවිරු දඩයම තව දුරටත් කරන්න එපා. ද්‍රවිඩ ඡන්ද බලාගෙන ,සම්බන්ධන්ලාට, විග්නේශ්වරන්ලාට වුවමනා විදිහට රට ගෙනියන්න එපා. මෙහෙම ගියොත් ලංකාව යුද හමුදාවෙන් තොර රටක් බවට පත්වේවි. (ම)
අපේ පොලිසියේ 600ක් පෙලට තියල වෙඩි තිබ්බ කියල ඉස්සර යුද්දෙ කාලේ අපි ඇහුව. ඒවාට කීදෙනෙක් කොටි සිරගත කළාද? යුද්දෙත් එක්ක තවත් ගොඩාක් හමුදාවේ අය මැරුන. ඒවාට කවුද හිරගෙයට දැම්මේ? දන්නේ නැති නිසා අහන්නේ? (බ)
ඇමරිකාවට පාර කපන්න, හමුදාව පාවාදෙන්න එපා (බ)
මේ සෙල්ලම දැන්වත් නැවැත්තුවොත් හොඳයි. මෙහෙම ගියොත් මුළු ත්‍රිවිධ හමුදාවම වැරදිකාරයෝ වෙයි (නි)
අච්චුවේලියට අච්චු දෙන්න ගිය කලක්. මේවා ගැන පුදුමයි! (නි)
ද්‍රවිඩ ජනතාවගේ ගැටළු විසදීම සංහිදියාව ලෙසත් අබාධිත රණවිරුවන්ට කදුළු ගෑස් ගැසීම යහපාලනය ලෙසත් හඳුන්වමු. හැමෝම උඩදාගෙන දීල කරපු වෙනස තමයි මේ දොරේ ගලන්නේ (බ)
ඔය කාලේ යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ සිටියේ ත්රස්තවාදීන් නේද? (නි)
ලංකාවේ දැන් ඉන්නත් බයයි. මොනවා වෙයිද කියලා හිතන්න බැහැනේ (නි)
මේ ආණ්ඩුව භංගවේවා!
යුද්ධයේ බිහිසුණු බව දන්නේ යුද්ධ කරපු අය මිස එදා කොටියාට බියේ අැඳ යට සිටි අය නොවේ. එදා සමහර නියම යුද වීරයන්ට නම් මේවාට වගකියන්න සිදුවෙන්නේ නැහැ. එ් ඔවුන් දේශපාලන මඩ ගොහොරුවේ දණ ගසාගෙන නිසා. (නි)
අසංක, ඇයි ඔයත් කාවහරි අතුරුදහන් කළාද? (නි)
නිවට යහ පාලකයෝ (බ)
කොන්දක් නැති යහපාලනය (ම)
රණවිරු දඩයම නතර කරනු. (ම)
මෙහෙම වෙයි කියල හමුදා සෙබලුන් කලින් දැනගෙන හිටිය නං යුද්ධයෙදී එක කොටියෙකුට වත් වෙඩි තියන එකක් නෑ . (බ)