අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යයට අද (10) මෛත්‍රිපාල සිරිසේන ජනපතිද එක්විය.
පොළොන්නරුවේ දී කපා පාගා ගත් වී වලින් කෙටූ අග්‍ර බාගය ජනපති එහිදී මහා පාත්‍රයේ තැන්පත් කළේය.
වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ද කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ද පැමිණ සිටි මන්ත්‍රීවරුන් එහි වූහ.
වකුගඩු රෝගය ව්‍යාප්ත වීම ගැන දැඩි කනස්සල්ල පළ කළ ජනපති රජරට ගොවියා ඉන් විශේෂයෙන්ම බේරී සිටිය යුතු බවද ඒ සඳහා රජය සෑම පියවරක්ම ගන්නා බවද කියා සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි සරත්ගේ පින්කම් පිලිබඳ දැනුමනම් අඳ බාලයි (බ)
මෙවැනි පින්කම් කරන්න ලැබුනේ අපේ රණවිරුවන් යුද වැදි රට බෙර දුන් නිසා ඔවුන්ව නිදහස් කලොත් ලොකු පින් කමක් වෙනවා (ම)
ඔබ රටට වාසනාවක්! (නි)
සෞදි සරත් ඔබ හරි මේවා පින්කම් නෙමෙයි, මාධ්‍ය සංදර්ශන (බ)
ජයසිරිමා බෝ හාමුදුරුවනේ මෙම දානයේ අනුහසින් අපේ රටට සාමය උදා කරපු අපේ එවුන් දිහා බලන්න මහ ඇත්තට නුවණ පහල වේවා (බ)
රජු ධාර්මික වනවිට දෙවියෝ සතුටට පත් වන අතර නිසි කලට වැසි ලැබී රට සශ්‍රික වන අතර රටවැසියන් සුඛිත මුදිත වනු ඇත , ජය ශ්‍රී ජනපතිතුමනි ! (බ)
රාජගුරු ඔබ හරියටම හරි, මේවා මාධ්‍ය සන්දර්ශන බෞද්ධයන්ගේ ඡන්ද හා ගන්න, හැරිසන් පන්සලකට යන්නේ ඔයවගේ දේවල් වලට විතරයි. අපේ සිංහලයෝ මේවට රැවටිලා ඡන්ද දීල රටම විනාශ කර ගන්නවා. (බ)
විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදාණන් වෙත පවත්වන්නට යෙදුනා වූ මේ පුණ්‍යකර්මයේ බලමහිමයෙන්, ආශිර්වාදයෙන් උතුරුමැද පළාතේ වකුගඩු රෝගයෙන් පෙළෙන්නා වූ අහිංසක අසරණ ගොවි මහතුන් සුවපත් වේවා! (නි)
අපේ ගොවි මහත්වරුන්ගේ දහඩිය මහන්සියෙන් ලබා ගත් දේ.(හේ)
සමහරුන්ගේ දැනුමට අනුව මේවා මාධ්‍ය සංදර්ශන. ඒ අය හැමෝම බලන්නේ දේශපාලන දෘෂ්ටි කෝණයෙන්. මේ දේවල් මේ විදියට සිද්ධකරන්නේ ඈත අතීතයේ පටන්. එවැනි දෙයකට විරුද්ධව මත ප්‍රකාශ කරන්නේ මහරජුගේ පරාජයෙන් තවමත් විලාප නඟන සුලු පිරිසක්. මහරජු වැපිරූ දෙයක අස්වැන්න තමා මේ ඔහුගේ වන්දිභට්ටයෝ නෙළන්නේ. (නි)
මෙතන අදහස් දමා තිබෙන කට්ටිය පසුගිය අවුරුදු 10 හිටියේ බයෙන්. මොකද කට ඇරියොත් යන්න වෙන්නේ සුදු වෑන් එකේ. දැන් ජනපතිට පින් අත්වෙන්න කටේ හිරි ඇර ගන්නවා. (නි)
මහා සොරදෙටුවා රට සූරා කෑ එකල... පොඩි උන් එකතුවී කටු ලෙව කෑ සකල... අද බලු රැළක් එකතුව උඩුබුරන කල... අපේ ජනපතිඳු යයි පෙරටම වී ප්‍රබල... (නි)
අපේ රට බේරා දීමට සටන් වැදුන රණවිරුවන්ට පොදු සමාවක් දීලා නිදහස් කරනවානම් ඊටත් වඩා වෙන ලොකු පින් කමක් කොහෙද (බ)
ඔබතුමාට මහින්ද මහත්තය වගේ නම් වෙන්න බෑ.......(ම)
වයසින් අඩු අය වැඩිහිටියන්ගේ ඔලුවට අත තියලා ආශීර්වාද කරන්නේ නැහැ. (කෞ)
දෙමල ධීවරයෝ අවුරුදු නිසා නිදහස්, අප රණ විරුවෝ සහ භික්ෂුන් 48 ට, අවුරුදු නැත (බ)
අපේ රටේ මිනිස්සුන්ගේ පෙර පින තවමත් ටිකක් හරි ඉතුරුවෙලා තියෙන නිසා ඉඩෝරේ මැද්දේ වැහි පොදයක් හරි යනවා. (ම)