මෙවර මැතිවරණයේදී පාට පක්ෂ බේදයක් නැති බවත් ජනතාවට අවශ්‍යව ඇත්තේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම පැවැති රැස්වීමකදී පැවසීය.
‘එජාපය කවදාවත් ජාති, ආගම් බේද ඇතිකළේ නැහැ. සෑම ජාතියක් සමගම සුහදව කටයුතු කරනවා. අද මේ රටේ දේශපාලනය දෙස බලනකොට අගෝස්තු 17 වැනිදා විශාල පෙරළියක් සිදුවීම ඒකාන්තයි‘
කැළණිය බියගම ප්‍රදේශවල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අාදී පක්ෂ ගණනාවක 400 අධික පිරිසක් එජාපයට එක් විය. හිටපු පොදු පෙරමුණු ප්‍රාදේශිය මන්ත්‍රී සුසිල් රෝහණ මහතා ද එක් වු පිරිස අතර වෙයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන. (ර)
අපට නම් මාල දිවයිනේ හිටපු ජනාධිපතිට කළ පෙරලිය මතක් වෙනවා. (ම)
රුවන් ඔබට ජයෙන් ජය ! (ම)
ඉදිරිය දැක රටට වැඩක් කෙරෙන්නයි ඕනි එක දකුණ ආසියාතික රටවල් ගොඩක් පහලට යන්න හේතුව දේශපාලනය තුලින් පක්ෂ ගොඩ නැගීම මිසක් ඒ තුලින් රටට අවංක සේවාවක් නොවීමයි 48 නිදහසෙන් පසුව රට හරියට කළමනා කරගන්න කිසිම නායෙකුකට බැරි වුනා මොකද බුද්ධිමතුන් අත හැර බාලයන් ළංකරගැනීම නිසා. (බ)
විශාල පෙරළියක් කළා (ම)
මොනා වෙන්නද? යු එන් පී අය හිතන් ඉන්න වෙනස වෙනවා. (බ)
ඔව් පෙරලියක් වෙනවා 17 වෙනිදා වාර්තා බිදිනවා 29 වරටත් (අ)
අපි බලන් ඉඳිමු. (බ)
ඒක පෙරලියක් තමයි. (බ)
මහත්මා දේශපාලනයේ එක ආදර්ශමත් චරිතයක් .....(ම)
විජේසුන්දර ඔබ සමග සියයට සියයක් එකග වෙමු.(ම)
ඉතාමත්ම යහපත් මනුස්සයෙක් . ඉතාමත් අවංක කෙනෙක්. මෙවැනි අය රටට සම්පතක්. (ර)
බටහිරයෝ අපගේ සියලු සම්පත් සූරගත්තා.ඔවුන්ගේ වාසගම පවා අපට දුන්න , දැන් වෙන්න හදන්නෙත් මේ දෙයම . රටට ආදරයක් තියන රට වැසියනි ! යථාර්ථය තේරුම් ගන්න , ඇස් ඇරලා ලෝකයේ වෙන දේ බලන්න , සත්‍යය සිතේ කොනක සඟවා සුරංගනා ලෝකෙන් එලියට එන්න ! එදාට තමන්ට උපදින්න ඉන්න දරුවා පවා තමන්ට ප්‍රසංශා කරාවී. රටට බුදු සරණ පතමි (බ)
17 වෙනිදා ඉතින් යුඑන්පි එක පරාදයි එක ෂුවර්. (ර)