‘අපි දූෂණයෙන් තොර පාලනයක් ඇති කරන්නේ මේ රටේ ජීවත් වන අහිංසක ජනතාවට සේවයක් කිරීමට මිස කිසිවකුගේ බඩකට පුරවන්න නොවෙයි.‘ යි දැරණියගල එජාප සංවිධායක රුක්මන් සේනානායක මහතා කෑගල්ල නගරයේ පක්ෂ කාර්යාලයයක් විවෘත කිරීමේ උත්සවයක දී කීවේය.
‘ලබන 17 වැනි දා එජාප රජයක් බිහි වෙනවා. එය කිසිවකුට නතර කරන්න බැහැ. කෑගල්ල දිස්ත්‍රික්කයත් එජාපය ජය ගන්නවා. දුප්පත් ජනතාවට සේවය කරන්න අපි බැඳී ඉන්නවා. පසුගිය රජය විවිද දෑ කළා කිව්වට දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවය දැනගෙන හිටියේ නැහැ. ජනවාරි අට වැනි දා ජයග්‍රහණය ලබන මහ මැතිවරණයේ දී විජයග්‍රහණයක් කර ගන්නවා.‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුක්මන් මහත්තයෝ පක්ෂය දිනනවා ඔබතුමන්ලා දිනුවොත්. ඔබතුමන්ලා පැරදුනානේ ගිය පාරත්. මේ පාරවත් ඔබතුමා දිනලා ඉන්නකෝ එහෙම වුනොත් පක්ෂය ඉබේම දිනාවි (නදී)
අනිවාර්යෙන්ම දිනනවා (නදී)
නිමල්,ඔයා නම් දකින්නෙ දවල් හීන (නි)
අනිවාර්යෙන්ම වෙනවා (නදී)
ඒක ඉතින් බලන්න වෙන්නේ එදාටම තමයි (නි)
මහා ඡන්දය ගැන දවල් හීන මවන්න එපා (නි)
කොළ පාට වෙනවා රටම (ම)
රුක්මන් කියන්නේ හොඳ මහත්මයෙක්, පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මහත්වරු, මහත් වූ හොරු නෙමේ. (බ)
කට්ටිය කලින් ඡන්දය වෙලාවෙදිත් කිවුවේ ඒවා හීන කියලනේ... (නි)
දැන් මහින්දට කඩේ යන අය හිතාගෙන ඉන්නේ මේවාට අදහස් දැම්මහම මහින්ද උඩින්ම දිනයි කියලා වෙන්න ඇති. ඕවා හීන විතරයි (නි)
එහෙම කොහොමද ඉතින් හරියටම කියන්නේ? (නි)
ඇවිල්ලා ඇවිල්ලා කොළ රැල්ලක් ඇවිල්ලා. වරෙල්ලා වරෙල්ලා අලියට කතිරය ගහපල්ලා! (නි)
මේක සමහරුන්ගේ නම් ඉතින් 27 වෙනි හීනයනේ... (නි)
රුක්මනුත් ලස්සන හීන දකිනවනේ! (නි)
මේ පාර ජනතාවගේ මනාපය එජාපෙ ට (නි)
එක කට්ටියක් ජනතාවට විරුද්ධව මෙතන අදහස් දානවා. ඔය හැමෝම අගෝස්තු දාහතෙන් පස්සෙත් ඔය විදියම කතාකරයි කියලා හිතනවා. එදාට බලමු. (නි)
හොඳයි හොඳයි අපි බලමුකෝ! (නි)
ඔබ අවංක මහත්මයෙක් (නි)
ඇතුගල්පුර වීරෝධාර ජනතාව මෙදා පාර කම්බා හොරු සිරගෙදරට ගෙනයාම සඳහා පෙරමුණ ගන්නවා සිකුරුයි.ඇතුගල්පුර ජනතාව හැමදා රට බේරාගැනීමේ කටයුත්තේදී පෙරමුණෙහි සිටියා වගේම මේ පාරත් හොරුන්ගෙන් රට බේරාගැනීම සඳහා පෙරමුණ ගන්නවා (නි)
අනාවැකි කියන්නේ නැතුව කට තියාගෙන නිහතමානීව ජනතා තීරණය බලා ඉන්න. මේ කාලයට අනුව ඔබගේ දේශපාලන දැක්ම සකස් කරගන්න. නැත්නම් පැවත්මක් නැත. (නි)
මේ ගමන අපි නම් දෙන්නේ ජවිපෙට (නි)
සිහින දැකීම මානුෂික අයිතියකි. (නි)
මහින්දට ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් පමණයි කියලයි මම නම් කියන්නේ (නි)
ඕගොල්ලෝ ඕක 19 සැරයක් කිවුවනේ. මොකද වුණේ? පරාදයි. (නි)
රුක්මන් සේනානායක මහතාටයි මගේ ඡන්දය දෙන්නේ (නි)
බාප්පලාගේ මහප්පලාගේ,සීයලාගේ යුගය නොවෙයි මහත්තයෝ දැන් තිබෙන්නේ. එදා එජාපය හා අද එජාපය අහසයි පොළවයි වගේ.ඇත්තටම ඔබ නිර්පාක්ෂිකව රටට යමක් කළොත්, එය ඔබේ ඥාතීන්ට කරන ගෞරවයක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ රටට යමක් කළයුතුයි කියන අවංක චේතනාවෙන් රට පාලනය කළේ ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමායි. (නි)
මට නම් ස්ථිරෙටම කියන්න පුලුවන් මේ ගමන එන්නේ සන්ධාන ආණ්ඩුවක් කියලා (නි)
හීනෙන් වගේ.(නදී)
අනිවාර්යෙන්ම වෙනවා (නදී)
පෙර කල කි දෑ සුදුසුකම් , සියල්ල විමසා බලා , ජනමතය නිවැරදිව මෙහෙයවා මෙවර ජනතාව සුදුසුම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නවා සිකුරුයි. (නදී)
සන්දානේ අක්කල අයියල බයවෙලා තියෙන තරම (නදී)
ඕවා දවල් හීන වෙන්න ඇති නේද ? (නදී)
රුක්මන්, එන්න මල්ලි එන්න මල්ලි රොක් වෙලා. එපා මල්ලි, එපා මල්ලි පච කතා (නදී)
එහෙම උනොත් එල්.ටී.ටිය දිනුම් (නදී)
එජාපය දිනනවා. ඒක අනාවැකියක් නෙවෙයි . ඉර හඳ වගේ විශ්වාසයක් (ම)
මහ බැංකු දූෂණය හැර දූෂණ වලින් තොර (නදී)
අපේ රටට කන්න බොන්න දීලා විතරක් මදි. අපිට අනාගතයක් තියෙන්න ඕනෑ. ඒකට රට සංවර්ධනය වෙන්න ඕනෑ. අද අපේ ගම් පැත්ත ගොඩක් සංවර්ධනය වෙලා තියෙන්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව නිසයි. (නි)
මම හොද නිදහස් පක්ෂ පාක්ෂිකයෙක්. හැබැයි මේ වෙලාවේ මහින්ද දිනුවොත් ව්‍යවස්තාදායකයත් විදායකයත් අතර ගට්ටනයෙන් රට අස්ථාවර වනු ඇත. මෛත්‍රීත් මහින්දත් අතර හිතවත් කමක් නොමැති බව පැහැදිලියි. රට අස්ථාවර වූ විට ආයෝජකයන් රටට පැමිණෙන්නේද නැත. ආර්ථිකයද අස්ථාවර වනු ඇත. මේ නිසා දැඩි අකමැත්තෙන් උවද පරම්පරා ගත නිදහස් පාක්ෂිකයෙකු උවද මෙවර මගේ ජන්දය රනිල්ට ලබා දෙමි (නදී)
රුක්මන් සේනානායක මැතිතුමනි, එක්සත් ජාතික පක්ෂය දිනනවා රහස් ගිවිසුම් පොරොන්දු නැත්නම් (නදී)
නැතුව? නැතුව? (නදී)
මේවගේ මහත්වරු පාර්ලිමේන්තුවට ගේමු, වසන්ත සේනානායක මතයත් නව පරපුරේ නායකයෙක්. (ම)
මෙයාලා රටට කර ඇති වැඩ මොනවාද? (නි)
හාපෝ, මේ කොහේ ඉඳල ඇවිල්ලද? (නදී)
අනිවාර්යෙන් ඒක දැන් පොඩි ළමයෙකුටත් තේරෙනවා (නදී)
අපේ රටට රජවරු,බිසෝවරු,කුමාරවරු ඕනේ නැහැ.(ම)
එහෙම වෙයිද? (නි)
කවුරුත් සිහින දකිනවා. කොයි එක්කෙනත් අපිට කියන්නේ ඕකම තමයි. ඒගොල්ලන් දිනුවමනේ කියන්නේ දිනුවේ එයාලා විතරයි අපි පැරදිලා කියලා. අපේ මෝඩකමේත් සීමාවක් නැහැනේ. (නි)