පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ විභාගයෙන් ශිරාණි බන්ඩාරනායක අග විනිසුරුවරිය වැරදිකාරිය වූ බවත්, එහෙයින් ඇය තනතුරෙන් නෙරපා හැරීමේ යෝජනාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිට යැවිය යුතු බවත් කියැවෙන යෝජනාව නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුව ආරම්භයේදීම යෝජනා කළේය.
තිස්ස කරලියද්ද ඇමැතිවරයා එය ස්ථිර කළේය.
එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් ජෝසප් මයිකල් පෙරේරා මහතා ඊට විරුද්ධව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.
විදේශ ඇමැති ජී එල් පීරිස් මහතා ඊළඟට කතා කළේය.
‘අග විනිසුරු එපා‘
පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණ
දෝෂාභියෝගයට සහාය පළ කරමින් සහ අග විනිසුරුතුමිය වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් සංවිධානය කැරුණු උත්ඝෝෂණක් පාර්ලිමේන්තු වට රවුමේදී පැවැත්විණි. වැඩිපුර
දෝෂාභියෝග විවාදය ඇරැඹෙයි
2013 ජනවාරි මස 10 16:09:25 | .
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් ඉදිරිපත්කැරුණු වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ ඇරැඹිනි.
පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාව සලසා තිබිණි.
සන්නද්ධ හමුදා බටයෝ ද කැඳවනු ලැබ සිටියහ.
ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂ විවාදයට සහභාගී වෙයි.
නීතීඥ පාගමන කොටුවේ හිටී
2013 ජනවාරි මස 10 11:31:07 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය අසළින් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වන නොහැකි වන සේ 3000ක පමණ සන්නද්ධ හමුදා හා පොලිස් බලෑණි කැඳවනු ලැබ සිටියි.
ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන හමුදා, කඳුළු ගෑස් බලෑණි ද ඒ අතර වේ.
තද වැසි නොතකා නීතීඥවරු ඇතුළු 3000කට වැඩි පිරිසක් යකඩ වැට කඩාගෙන යන්නට කිහිපවරක් තැත් කරත් පොලීසිය හා හමුදාව ඊට ඉඩ දුන්නේ නැත.
නීතීඥවරු අරලියගහ මැදුර දෙසට?
2013 ජනවාරි මස 10 11:22:55 | දසුන් රාජපක්ෂ
නීතීඥවරුන්ගේ පෙළපාලිය පෙරවරු 11.30 වන විට හිල්ටන් හෝටල පාරෙන් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට නියමිතය සිටියහ.
අරලියගහ මන්දිරයට ගොස් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්දේශයක් බාර දී දෝෂාභියෝග යෝජනාව ඉවත් කරගන්නැයි ඉල්ලා සිටීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
අලුත්කඩෙන් පෙළපාලි දෙකක්
පොද වැසි මැද වීදි බසිති
2013 ජනවාරි මස 10 11:12:20 | .
පැය කිහිපයක අවහිර නිසා පමාවූ නීතීඥ පෙළපාලිය දහවල් 11.15 වන විට පිටකොටුව බෝගහ අසළට ළඟා විය. දෝෂාභියෝගය හකුළා ගන්නැයි ඉල්ලන පෙළපාලියේ නීතීඥවරු දෙදහසක් පමණ පොද වැසි මධ්‍යයේ ගමන් ගනී.
කොළඹ මුළු පරිසරයම වැහිබර සීතල කාලගුණයක් පවතියි.
මේ අතර අගවිනිසුරුවරිය ඉවත්වියයුතු යැයි දෝෂාභියෝගයට පක්ෂව වෘත්තීය සමිති හා ජන සංවිධානය පෙළපාලිය ද අලුත්කඩේ සිට පිටකොටුව දෙසට ගමන් ඇරැඹීය. පිටකොටුව ස්වයරැකියා නියෝජිතයංගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ ඊට නායකත්වය දුන්හ.
ඇමෙරිකාව දැඩි කණස්සල්ල පළකරයි
2013 ජනවාරි මස 10 11:03:02 | තරිඳු ජයවර්ධන
අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද පවසයි.
අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති
නීතීඥ පෙළපාළියට දිගටම අවහිර
2013 ජනවාරි මස 10 10:58:03 ( තිළිණි ද සිල්වා , දසුන් රාජපක්ෂ )
අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑකෝ ගසමින් පාරේද අවට ද රැස්ව සිටිති. දෝෂාභියේගියෝගයට එරෙහිව අලුත්කඩේ සිට පාර්ලිමේන්තුව කරා යාමට නීතීඥවරු උත්සාහ කළහ.
නීතීඥ පෙළපාලියට ඉඩ දෙන්නැයි එක්සත් ජාතිත පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරු දේෂාභියෝගයට පක්ෂ පිරිසෙන් ඉල්ලා සිටියහ.
එහි ප්‍රතිඵලය වූයේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් පමණි.
අලුත්කඩේ පිරිසකට පොලු පහර
2013 ජනවාරි මස 10 10:33:20 | පාරුක් තාජුඞීන්
දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.
පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.
තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.
යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ
2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා
දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.
ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.
විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.
එස් ටී එෆ් පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.
දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.
දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි
2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.
රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.
දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදුන්, නොදන්න දේවල් කතා නොකර ඉන්නවද? (නි)
කුමක් වෙයිද කියන්න බලන්න (දී)
බුද්ධි, ගෙදරට වෙලා නිදාගෙන ඉන්න ඵපා. පාරට බහින්න. ජනමතය බලන්න. ඔයාලා 2005 ඉදන් ජනමතය බැලුවා නේද? (නි)
මටත් කතාවක් දෙයිද?(නු)
මේ ප්‍රශ්ණය මුල් කරගෙන බොහෝ දෙනෙක් ඇවිත් වගේ පාර්ලිමේන්තුවටත්..!(නු)
ලලිත් කටාර් ඉදලා කෑ ගහලා බැහැ. ලංකාවට ඵන්න ජනමතය බලන්න. ජනතාව ඉන්නෙ ජනපති සමගයි. මධු, කුණු කරවල කෑවා නම් දුක් විදපන් බළලෝ... (නි)
අපේ රට මොන අතකට යනවාද කියලා හිතාගන්න බැහැ..!(නු)
දැං ඉතිං තියෙන්නේ කෑ ගහපු කට්ටිය වැල් මී ටිකක් එහෙම කාලා හිත හදාගන්න..!(නු)
අපේ රට ගැන ඉතාම කණගාටුයි..!(නු)
මේ රටෙත් ඉන්නව යමක් තේරෙන මිනිස්සු.(නු)
අගවිනිසුරුවරයකු ඉවත් කළ හැක්කේ මේ ලෙස පමණයි.. එය ලෝක සම්ප්‍රදාය..!(නු) okaye sema ra
දැන් මොකද කොරාන්නේ (දී)
විපක්ෂයත් බොරදියේ මාළු බානවා..!(නු)
ඕක වෙන බව අපි දැනගෙන හිටියා..!(නු)
මොකක් වෙවීද (දී)
නිරන්ජන් ලංකාවෙ ඉදලත් ජනමතය මොකක්ද කියලා දන්නෙ නැති එකටයි දුක. (නි)
අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ?(නු)
මෙයාලාම ප්‍රශ්නය ගෙනාවා.. එයාලාම උත්තරය සැපයෙව්වා.!(නු)
අනුමැත වෙයිද (දී)
සම්මත වෙයිද (දී)
මේ අය ජන මතයට ඉඩ දිය යුතුයි..!(නු)
මම නම් කියන්නේ අගවිනිසුරුතුමියට තමන්ගේ ගෞරවය තියාගෙන ඉල්ලා අස්විය යුතුයි කියලයි. (නි)
අයියෝ සල්ලි (දී)
අගවිනිසුරුවරියට යහපත් සාධාරණයක් වේවා.!(නු)
අගවිනිසුරු එපා (දී)